World

මුහුණු ආවරණයට විරෝධය දැක්වූ ඉරාන මුස්ලිම් කාන්තාව නිදහස ලබයි (Photos)

ඉරානයේ ටෙහ්රාන් අගනුවරදී සිය හිස් ආවරණය ගලවා කෝටුවක ගැටගසා උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ ඉරාන ජාතික කාන්තාව නිදහස් කරන ලද බව මානව හිමිකම් නීතිවේදිනියක් පවසයි.

පසුගිය දෙසැම්බර් මාසයේ ඇය දියත්කළ උද්ඝෝෂණයත් සමග ඇයගේ ඡායාරූප සමාජ ජාලා ඔස්සේ ප්‍රබල සංවාදයකට තුඩු දුන්නේය. ඇයගේ විරෝධතාව හෝ ඇය අත්අඩංගුවට ගැනීම ගැන ඉරාන බලධාරීන් මෙතෙක් කිසිවක් ප්‍රකාශකොට නැත.

මේ අතර එවැනිම උද්ඝෝෂණයක් දියත් කළ තවත් කාන්තාවන් දෙදෙනෙක් දැන් සමාජ මාධ්‍ය ජාලවල සංවාදයට බඳුන් වී සිටිති.ඔවුන් දෙදෙනාත් සිය උද්ඝෝෂණය දියත් කරනු ලැබුවේ ටෙහ්රාන් අගනුවරදීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top