Political

මෙරට දේශපාලනයේ මෛත්‍රී සලකුණ

මීට තෙවසරකට එපිට දී අපරට සිදුවූ දේශපාලන විප්ලවය, අපි අසා දැන සිටි ලොව අන් බොහෝ රටවල සිදුවූ විප්ලවයන්ට වඩා ඉතා වෙනස් ආකාරයේ දේශපාලන පෙරළියක් විය.

දශකයක් පමණ කාලයක් තිස්සේ එවකට පැවැති දූෂිත පීඩාකාරී මෙන්ම මර්දනකාරී පාලනයට එරෙහිව 2015 ජනවාරි 08 දින මෙරට සිදුවූූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ විප්ලවය කාලයක් තිස්සේ ශ‍්‍රී ලාංකීය ජනසමාජය තුළ වර්ධනය වූ ප‍්‍රතිවිරෝධතාවන්ගේ ප‍්‍රතිඵලයකි. එදා සිටි පාලකයන්ගේ අතිශය කුරිරු මර්දනකාරී අධිපතිවාදී ආකල්පයන් නිසාම ඔවුන්ට එරෙහිව පෙළ ගැසුණු සමාජ බලවේගයන්ගේ ක‍්‍රියාකාරීත්වය ඔවුන්ට නිසි ලෙස ග‍්‍රහණය වූයේ නැත. එනිසාම එය අදිසි විප්ලවයක් විය.

එකී අදිසි විප්ලවයේ නියමුවාණන් වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා රටේ රාජ්‍ය නායකත්වයට පත්වීමෙන් පසු එතුමාට භාරවූයේ දිගු කාලයක් තිස්සේ විවිධ දුෂිත තත්ත්වයන් යටතේ දේශපාලන සමාජයීය මෙන්ම මානුෂීය වශයෙන් ජරාජීර්ණ වී ගිය හැම අතින්ම පිරිහුණු පාලන තන්ත‍්‍රයකි.

රටේ පාලකයා වශයෙන් පත්වීමෙන් පසු එතුමා අභිමුව වූ ප‍්‍රධාන අභියෝගය වූයේ දේශපාලනිකව සමාජය ලෙස හා ආධ්‍යාත්මික ලෙස අන්තයටම පිරිහිණු අශ්ලීල රටක් තුළ යහපත් සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් යළි සමාජගත කිරීමය.

කිසිවකුත් නොසිතූ අයුරින් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවදී ජනරජයේ 6 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ දෙවරක් මෙරට ජනාධිපති තනතුර හෙබවූවා වූත්, එකී තනතුර තුන්වන වාරයටත් බලාපොරොත්තු වූ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරදවමිනි. කිසිදා පරාජය කළ නොහැකි බවට විශ්වාසය පළවූ ප‍්‍රබල මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව සටන් වදිමින් මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා එම ජන්දයේ ප‍්‍රකාශිත ජන්දවලින් 51.28% එනම් ජන්ද 6,217,162 ලබාගත් අතර ප‍්‍රතිවාදී අපේක්ෂක මහින්ද මහතා ලබාගත්තේ ජන්ද 57,68,090 පමණි.

දේශපාලන කෘතහස්තභාවය තුළින් පාර්ලිමේන්තුව හරහා ලාංකික දේශපාලනයේ උත්තරීතර තනතුර වන විධායක ජනාධිපති පදවිය දක්වා පැමිණි මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ගෙවීගිය තෙවසරක කාලය තුළ ශ‍්‍රීලාංකික දේශපාලනයේ මතුවූ විවිධ අභියෝග කළමනාකරණය කිරීමේදී දැක්වූ පරිණතභාවයත්, කෘතහස්තභාවයත් නිසා එතුමා ශ‍්‍රී ලාංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ජාතික නායක පරපුරට අයත්වී හමාරය.

එහෙත් පසුගිය දශකයේ විශේෂයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ දේශපාලන නායකත්වය යටතේ ලැබූ යුද ජයග‍්‍රහණයත් සමගම පක්ෂය තුළ වර්ධනය වූ අධිපතිවාදී පවුල්වාදී ප‍්‍රජාතාන්ත‍්‍ර විරෝධී මර්දනකාරි තත්ත්වයන් තුළින් විශේෂයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම සමස්ත ශ‍්‍රී ලාංකික සමාජයන් පෙරනොවූ විරූ ලෙස පරිහානියට ලක්වීමට පටන් ගත්තේය.

මෙම දේශපාලන පරිහානිය කෙතරම් බරපතළ වීදයත් පක්ෂය තුළ පැවැැති සෑම ප‍්‍රජාතාන්ත‍්‍රවාදී භාවිතයක්ම අහෝසි විය. දුෂණය, භීෂණය, මර්දනය හොරකම ඉහවහා ගිය අතිශය පිරිහුණු සමාජයක් ලංකාව තුළ නිර්මාණය වවී තිබිණ. දේශපාලන හා ආර්ථික වශයෙන් අන්තයටම පිරිහුුණු රටක් බවට ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරව පවා අවමානයට ලක්විය.
මෙම තත්ත්වයන් යටතේ වර්ධනය වූ ප‍්‍රතිවිරෝධයන් හමුවේ 2014 නොවැම්බර් මාසයේදී හිටපු විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරකාලය අවසන් වීමටත් පෙර කිසිදු ප‍්‍රජාතාන්ත‍්‍රවාදී හෝ සදාචාරාත්මක භාවිතයකින් තොරව තෙවන වරටද තවත් සයවසරක් ස`දහා බලයේ සිටීමේ අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයක් කැඳවිය. මේ සඳහා ඔහු අත්තනෝමතික ලෙස විවාදාත්මක ව්‍යවස්ථා සංශෝධනයක් ද සිදු කළේය.

රට තුළ වර්ධනය වූ මෙම අදිසි විප්ලවීය වර්ධනයන් හමුවේ ඇතිවූ ජනතා පෙළගැසීම් යටතේ නිර්මාණය වූ ජාතික බලවේගයන්ගේ එකමුතුව වූ ජාතික ප‍්‍රජාතාන්ත‍්‍රවාදී පෙරමුණෙන් පොදු අපේක්ෂාකයා ලෙස ඉදිරිපත් වීමට මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක`ගත්වය පළකිරීම මෙරට දේශපාලනයේ වූ ඓතිහාසික පෙරළියක ආරම්භය විය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විසින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස හඳුන්වාදුන් ඉහත සඳහන් කළ ව්‍යවස්ථා සංශෝධනයන් ඉවත් කිරීමටත්, විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුකිරීමටත්, වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර බලය බෙදාගැනිම තුළින් යහපාලන ක‍්‍රමවේදයක් ස්ථාපිත කිරීම විපක්ෂයේ පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධාන පොරොන්දුවක් විය.

එසේම එවකට කුණුවී දුගද හැමූ සමාජ දේහය සුවපත් කිරීමේ අරමුණින් රට අල්ලසින් දුෂණයෙන් මුදවා ගැනීම සඳහා ”මෛත‍්‍රීපාලනයක් ස්ථාවර රටක්” යන තේමාව යටතේ රටපුරා දියත් කළ මෛත‍්‍රී මැතිවරණයේ ව්‍යාපාරය 2015 ජනවාරි 8 දා ජයග‍්‍රහණය කළේය.

වසර තුනකට ඉහත රට තුළ සිදුවූ දේශපාලන වෙනස සඳහා ශ‍්‍රී ලංකික සමාජය අපේක්ෂා කළ නිර්භය නායකත්වය සැපයීමට මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට හැකිවිය.

ජනාධිපතිවරණයෙන් අනතුරුව වූ පාර්ලිමේන්තු මැතිවරණයේ ප‍්‍රතිඵල තුළින් බලකළ දේශපාලන යථාර්ථය සඳහා මුහුණ දීම මෛත‍්‍රී ජනාධිපතිතුමා මුහුණදුන් ප‍්‍රථම අභියෝගය විය.

එම මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට පැහැදිලි ජනවරමක් ලැබුණේ නැත. එහෙත් ආණ්ඩුවක් බලයට පත්විය. ඒ ආණ්ඩුවේ සංයුතිය ශ‍්‍රී ලංකා දේශපාලනයට නුහුරු එකකි. අන්ත දෙකක දේශපාලන බලවේග දෙකකින් සැදුම්ලත් අලූත්ම තාලේ ආණ්ඩුවක් විය. යහපාලනය සඳහා වන මෙම ඇරඹුම එක් පැත්තකින් ශ‍්‍රි.ල.නි.ප. න්‍යායපත‍්‍රයත් අනික් අත්තයෙන් එ.ජා.ප. න්‍යායපත‍්‍රයත් අතර දෝලනය වීමට නොදී එක් තනි පොදු න්‍යායපත‍්‍රයක් යටතේ මෙහෙය වීම ආණ්ඩුවේ නායකයා වශයෙන් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කළමනාකරණය කරගත යුතු බැ?රුම් දේශපාලන අභියෝගයකි.

විපක්ෂයේ කෙතරම් විවේචන බාධාකිරීම් එල්ල වුවද ඒ සියලූ බාධක හමුවේ යහපාලන රජය බැ?රුම් මත ගැටීම් නොමැතිව තෙවසරක් තුළ සාර්ථකව ගෙනයාමට හැකිවීම මෛත‍්‍රී ජනාධිපතිතුමා දක්වා ඇති විශිෂ්ට දේශපාලන සමත්කමකි.

අන්ත දෙකක දේශපාලන න්‍යායපත‍්‍ර සහිත දේශපාලන ප‍්‍රවාහයන් දෙකක් ඒකාබද්ධව රාජ්‍ය පාලනය කිරීමේදී යම් යම් මතභේද ඇතිවීම ස්වභාවිකය. නමුත් ඒවා සමථයකට පත්කරගෙන යහපාලන රජය තෙවසරක් තුළ වැදගත් ජයග‍්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් වී ඇත.

රාජ්‍ය බලය ලැබීමෙන් පසුව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙත පැවරුණු සුවිශේෂ වගකීම වූයේ සිය දේශපාලන න්‍යායපත‍්‍රය හා රජයේ ප‍්‍රතිපත්තිය වන එය ආර්ථික වැඩපිළිවෙළ යන දෙක එකිනෙකට පටලවා නොගෙන රජය ගෙන යාමයි.

එක පැත්තකින් ඔහුට සිය පක්ෂයේ එනම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස පක්ෂයේ අභ්‍යන්තර මතවාද අරගලයන් සමනය කරගැනීමට සිදුවිය. අනිත් අතින් රජය ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම තුළින් අසාර්ථක නොවීමට වගබලා ගැනීමට එතුමාට සිදුවිය.

මෙහිදී මෛත‍්‍රී ජනාධිපතිවරයා ඉදිරියේ වූ තවත් බරපතළ දේශපාලන අභියෝගයක් වූයේ එතෙක් පැවති සාවද්‍ය හා ප‍්‍රචාරකවාදී සංවර්ධන ක‍්‍රියාදාමයන්වලට පුරුදු වී සිටි ජනතාව එක්වරම යථාර්ථවාදී දේශපාලන ප‍්‍රතිසංස්කරණ කරා ආකර්ෂණය කරගැනීමේ වූ අසීරුතාවයි.

වත්මන් රජය දියත්කොට ඇත්තේ ඉකුත් රජය කාලයේ සිදුවූ සංවර්ධනයට හාත්පසින්ම වෙනස් සංවර්ධන ක‍්‍රියාවලියකි. වත්මන් රජය සංවර්ධනය යනුවෙන් අපේක්ෂා කරන්නේ දැවැන්ත ගොඩනැගිලි හෝ මාර්ග ඉදිකිරීම් නොවේ. මෛත‍්‍රී රජය අපේක්ෂා කරන්නේ මානව සංවර්ධනයයි. විශේෂයෙන් මේ රජය යටතේ උදාවී ඇති ආර්ථික, සාමාජීය, දේශපාලන, නිදහස ජනතාවට හරියාකාරව නොදැනෙන බවක් පෙනෙන්න තිබේ. එවැනි ජයග‍්‍රහණයන් ජනතා මතකයේ රැදන්නෙ කෙටි කාලයකි.

නව ගුවන් තොටුපළ, වරාය, අධිවේගී මාර්ග ජනතාවට පෙනෙනව. ඒවායේ හරසුන් ප‍්‍රචාරයන් සංවර්ධනයන් හමුවේ වත්මන් රජයේ සැබෑ අර්ථවත් සංවර්ධන ප‍්‍රවේශය ජනතාවට ග‍්‍රහණය කරවීම අපහසු වී තිබෙනව.

ගෙවී ගිය වසර තුළ මෛත‍්‍රී ජනාධිපතිවරයා මුහුණ දුන් තවත් ප‍්‍රබල බාධාවක් වූයේ විපක්ෂය විසින් දියත් කළ නොයෙකුත් කඩාකප්පල්කාරී ක‍්‍රියාවන්ය. මහින්ද රාජපක්ෂ පාලන සමයේ ක‍්‍රියාත්මක නිද්‍රාශීලී විපක්ෂයට වඩා ප‍්‍රබල විපක්ෂයක විවිධ බාධා කිරීම්වලට මුහුණ දීමට සිදුවීමද මෙම රජය හමුවේ ඇති සංකීර්ණ ගැටලූවකි.

බොහෝ ආර්ථික කටයුතු හා රජය මගින් දියත් කරන ක‍්‍රියාදාමයන් අඩපණ කිරීම සඳහා විවිධ අදෘශ්‍යමාන බලවේග ක‍්‍රියාත්මක වන බව මෑතකදී සිදුවූ විවිධ සිදුවීම්වලින් පෙනී යනවා.

පසුගිය කාලයේ දියත් වූ විවිධ උද්ඝොෂණ වැඩ වර්ජන එකී අදෘශ්‍යමාන විෂම න්‍යාය පත‍්‍රයේ කොටසක් ලෙස පෙනී යනවා. එක් පැත්තකින් වෛද්‍යවරු සයිටම් විරෝධයේ එල්බ සිටින අතර තවත් විටක දුම්රිය වර්ජන දියත්වනවා. රට තුළ නොයෙක් කලබල ඇති කෙරෙනවා. මේ සියල්ලේම අරමුණ රට කරා ආකර්ෂණය වන විදේශ ආයෝජන සඳහා අහිතකර පරිසරයක් නිර්මාණය කිරීමයි.

ඊනියා ඒකාබද්ධ විපක්ෂය, ප‍්‍රධාන සියලූ විෂම බලවේගයන්ගේ විවිධ බාධා කිරීම් මධ්‍යයේ වුවද පසුගිය කාල වකවානුව තුළ රටේ යහපත් අනාගතයක් වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකිරීමට මෛත‍්‍රී ජනාධිපතිවරයා සමත් වී ඇත.
මෙරට මාධ්‍ය සංවිධාන ඇතුළු සිවිල් සංවිධාන විසින් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටි තොරතුරු දැන ගැනීමේ පනත නීත්‍යනුකූල කිරීම මෙම රජය ජනතාව වෙත ලබා දුන් සුවිසල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහසකි. පසුගිය කාලයේ රට මුහුණ දුන් බරපතළ ස්වාභාවික විපත් නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා වත්මන් රජය දැක්වූ සමත්කම ඉතා ප‍්‍රශස්ත මට්ටමක විය.

වාරිමාර්ග අමාත්‍යධූරය දරන කාලයේ සිට මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා දුටු සිහිනයක් වූ දැවැන්ත වාරි ව්‍යාපෘතිය වන මොරගහ කන්ද ව්‍යාපෘතිය එතුමාගේ පාලන කාලය තුළ යථාර්ථයක් බවට පත්කර ගැනීම ද වත්මන් යහපාලන රජය අත්කරගත් දැවැන්ත ආර්ථික ජයග‍්‍රහණයකි.

දූෂණයට හා වංචාවට එරෙහිව ජනාධිපතිතුමා තුළ ඇති දැඩි ප‍්‍රතිපත්තිය සමස්ථ ශ‍්‍රී ලාංකික ජනතාවගේ අමන්දානන්දයට පත්ව ඇත. එතුමාගේ දූෂණ විරෝධී ප‍්‍රවේශය ජාත්‍යන්තරවද ඇගයීමට ලක්ව ඇත.

යහපාලන ආණ්ඩුවට එරෙහිව එල්ලවූ බරපතළ මහ බැංකු මගඩි චෝදනාව හෙවත් බැඳුම්කර සිද්ධියේ ජනාධිපතිතුමා ක‍්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ සමස්ත ජාතියේම ප‍්‍රසාදය හා ප‍්‍රණාමය හිමිවී ඇත. ඒ පිළිබඳ පත්කළ ජනාධිපති කොමිසමේ ක‍්‍රියාකාරීත්වයත්, එම කොමිසම ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙනුත් ජනාධිපතිතුමා ගත් එඩිතර පියවර මෙරට සිදුවීමට නියමිත ඉදිරි දේශපාලන පෙරළියක ප‍්‍රබල සංඥාවක් බවට පත්වී ඇත.

සියලූ දූෂිතයන්ට දරන තනතුරු සමාජ මට්ටම් නොසලකා දඩුවම් කරන බවට ජනාධිපතිතුමා ජාතියටම සපථ කොට ඇත. එසේම කලක් පවුලක බූදලයක් බවට පත්ව තිබූ ශ‍්‍රී ලංකන් හා මිහින් ගුවන් සමාගම් වල සිදුවී ඇති බිලියන ගණනක දූෂණ වංචා සෙවීමට ද එතුමා ජනාධිපති කොමිසමක් පත්කර ඇත. එපමණක් නොවේ පසුගිය රජය සමයේ සිදුවූ විවිධ මූල්‍ය අක‍්‍රමිකතා දූෂණ සොයා බැලීමට පත්කළ බරපතළ අපරාධ විමර්ශන කොමිෂන් වාර්තාව එතුමා අතට පත්ව ඇත. ඒ සියලූ දූෂිතයන් දැන් අන්ද මන්දව ගොස් ඇත.

ඉකුත් වසරේ දෙසැම්බර් 20 දා කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී ජනතාව වෙත ඉදිරිපත් කළ ”නිදහසේ සම්මුතිය” එතුමාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රතිපත්තිමය දැක්ම අන්තර්ගත විය. එහි අරමුණු හා ඉලක්කයන් වන්නේ පවතින සදාචාර සම්පන්න භාවිතයන් ආරක්ෂා කර ගනිමින්, ගම- නගර සංවර්ධනයක් තුළින් නිදහස් නිවහල් සිතුම්වලින් පෝෂිත උදාර සමාජයක් බිහිකිරීමයි.

මෙහිදී මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාගේ උත්තුංග ප‍්‍රාර්ථනාව වන්නේ යුක්තිය, සාධාරණත්වය, උදෙසා වූ ප‍්‍රතිරූප දේශයක් බවට මේ මව්බිම යළිත් පත්කිරීමයි.

විශ්වීය ජීව ගුණයෙන් හෙබි එතුමාගේ ගම්භිර අභිලාෂය එතුමා කුළුගැන්වූයේ ජගත් සම්භාවනාවකට පත් භගවත් ගීතාවේ ප‍්‍රකට ප‍්‍රකාශනයක් උපුටා දක්වමින්ය.

එතුමා පැහැදිළිව සඳහන් කළේ යුක්තිය සාධාරණය උදෙසා දුෂණය හොරකම හා වංචාවට එරෙහිව එතුමා විසින් එසවෙන අසිපත යුක්ති ධර්මයේ හා ස්වාභව ධර්මයේ නාමයෙන් මිනිස්කම වෙනුවෙන් එසෙවන බවය.

මෙහිදී සිහිතබා ගතයුත්තක් ඇත. වංචාව හා දුෂණයට එරෙහිව එතුමා සිය යුක්තියේ හා සාධාරණත්වයේ අසිපත ලෙලවන විට සකල විධ දුෂිතයෝ, පීඩකයෝ හා වංචාකාරයෝ එක පිලකට පෙළ ගැස්වෙන බවය. ආණ්ඩුව තුළ මෙන්ම පිටත සිටින සියලූම විෂම බලවේග එක ප‍්‍රවාහයක එකතු වෙනු ඇත. එම දුෂිත ප‍්‍රවාහය විසින් මෙම සත්පුරුෂයාගේ ගමන නවතාලීමට සියලූ අකටයුතුකම් ද්‍රෝහිකම් දියත්කරනු ඇත.

එදා පිරිසිදු රාජ්‍ය පාලනයක් සඳහා කැපවී සිටි ශ්‍රේෂ්ඨ නායක බණ්ඩාරනායකයන් දැයට අහිමි කළේය. සදාදරණීය බණ්ඩාරනායකයන්ගේ මඟ එළි පෙහෙළි කරමින් යන මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හිසට ඉහළින් ද අනතුරේ අසිපත එල්ල වී ඇති බව අප අමතක කළ යුතු නැත.

පිරිසිදු පොහොසත් රටක් වෙනුවෙන් කැපවී සිටින ජනාධිපති මෛත‍්‍රීපාල මැතිතුමා රැුක ගැනීම, ශක්තිමත් කිරීම වත්මන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂිකයන්ගේ මෙන්ම සමස්ත ජනතාවගේම වගකීමකි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇත්තේ යහපත් රටක්, සමෘද්ධිමත් ආර්ථිකයක්, විනයක් සහිත සමාජයක් නිර්මාණය කිරීමේ අති පාරිශුද්ධ දැක්මත්, චේතනාවත් පෙරදැරි කරගෙනය.

නිදහසේ සම්මුතිය රටට ඉදිරිපත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේ මේ රටේ අනාගතය සඳහා යහපත් පණත බුද්ධිමත් රටට ආදරය කරන අවංක විනයක් හික්මීමක් ඇති නව දේශපාලන සංස්කෘතියක් බිහිකර ගැනීමත් එතුළින් හොඳ රටක් නිර්මාණය කර ගැනීමත් එතුමාගේ අපේක්ෂාව බවය.

එතුමාගේ එම සද් අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීමට ශක්තිය ජවය හා ආශිර්වාදය ලබාදීම ජාතියේ යුතුකම හා වගකීම වන්නේය.

ෂාන් විජය ලාල් ද සිල්වා
ප‍්‍රධාන අමාත්‍ය – දකුණු පළාත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top