Political

මෙරට බිම් අඟලක් විදෙස් රටකට නොදෙමි – ජනපති

මෙරට බිම් අඟලකවත් අයිතිය ලෝකයේ කිසිදු රටකට ලබාදීමට තමන් සූදානම් නොමැති බවත්, කර්මාන්ත මෙන්ම නව ආයෝජන රටට අවශ්‍ය නමුත් ඒ සඳහා ඉඩම් ලබාදෙන්නේ ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහ නීතිරීතිවලට එකඟව බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේය.

හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරය පිළිබඳ ඇතැමුන් ගෙන යන ප‍්‍රචාර වැරදි බව පෙන්වා දෙමින්, ජනාධිපතිවරයා මෙසේ පවසා සිටියේ මහනුවර, හල්ඔළුව, දොඩංවල පාලම ජනතා අයිතියට පවරාදීමේ උත්සවයට එක්වෙමිනි.

කර්මාන්ත මෙන්ම නව ආයෝජන රටට අවශ්‍ය නමුත් ඒ සඳහා ඉඩම් ලබාදෙන්නේ ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහ නීතිරීතිවලට එකඟව බව පැවසූ ජනාධිපතිවරයා, ඇතැමුන් සඳහන් කරන පරිදි ජනතාව ඔවුන් පදිංචි ගම්මානවලින් ඉවත් කිරීමට හෝ ඓතිහාසික වටිනාකම්වලින් යුත් වෙහෙර විහාරස්ථාන කඩා බිඳ දැමීමේ කිසිදු අකටයුත්තකට රජය ඉඩ තබා නොමැති බව ද කියා සිටියේය.

රටවල්, ව්‍යාපාරිකයින්, ආයෝජකයින් හෝ ජාත්‍යන්තර සංවිධාන සමග ඇතිකරගන්නා වූ සියලු ගිවිසුම් ඇති කර ගන්නේ ඉතා විවෘත භාවයකින් බව පැවසූ ජනාධිපතිවරයා රටේ සංවර්ධනයට වත්මන් රජය ඉතා අවංකව කැපවී සිටින බව ද සඳහන් කළේය.

මහනුවර නගරයේ පවතින මාර්ග තදබදයට විසඳුම් ලෙස ඉදිකෙරුණු මෙම පාලම මීටර් 105 ක දිගින් යුත් අතර මං තීරු දෙකකින් සමන්විතය. බි‍්‍රතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘති ආධාර යටතේ කි‍්‍රයාත්මක ප‍්‍රාදේශීය පාලම් වැඩඩසටහන යටතේ රුපියල් මිලියන 374 කට ආසන්න මුදලක් වැය කරමින් මෙම පාලම ඉදිකර තිබෙන අතර මාතලේ, කුරුණෑගල වැනි ප‍්‍රදේශවලින් සහ මහනුවර අවට ප‍්‍රදේශවලින් පැමිණෙන වාහනවලට මහනුවර නගරය මගහැර තම ගමනා ගමන කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීමට මෙම පාලම ඉදිකිරීමත් සමග හැකියාව ලැබෙනු ඇත.

නරේන් විශ්වජිත් – www.ada.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top