Sports

‘‘මේක පිස්සුවක්..මට විශ්වාස කරන්නත් බෑ‘‘ රවී ශාස්ත්‍රිට මළ පනියි – ඉන්දියාව දිනන්න ලකුණු 2ක් තිබියදී පාකිස්ථානු විනිසුරුවරයා තරඟය නවත්වලා – ක්‍රීඩකයින් මෙන්ම විචාරකයිනුත් මවිත කළ ඊයේ තරඟයේදී වූ සිදුවීම මෙන්න (Video/Photos)

දකුණු අප්‍රිකානු කණ්ඩායමක් සිය මව් රටේදී ලබාගත් අඩුම ලකුණු ගණන ඊයේ (04) වාර්තා කළා.ඒ ඉන්දියාව සමගින් පැවති දෙවනි එක්දින තරඟයේදී.එහිදී ලකුණු 118කට දකුණු අප්‍රිකානු ඉනිම සීමා කිරීමට ඉන්දීය දඟ පන්දු බල ඇණිය සමත්වුණා.සුපිරි පන්දු යැවීමක නිරත වූ යුෂ්වෙන්ද්‍ර චහාල් කඩුලු 5ක්ද, දඟපන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් කඩුලු 3ක්ද බිඳ හෙලීමට සමත් වුණා.

කෙසේ වෙතත් ඊයේ තරඟයේදී වූ සුවිශේෂි සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට කතා බහක් මතුව තිබෙනවා.මීට හේතුව වී ඇත්තේ ඉන්දියානු කණ්ඩායමට ජය පෙනෙන මානයේදී පිටියේ විනිසුරුවන් විසින් දිවා අහාරය සඳහා තරඟය නතර කිරීමයි.

ඒ මොහොතේ ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 19කදී ලකුණු 117ක් ලබා සිටි අතර ජයග්‍රහණය සඳහා ඔවුනට අවශ්‍ය වූයේ ලකුණු 2ක් පමණයි.කෙසේ වෙතත් ඒ මොහොතේ දිවා අහාරය ලබාගැනීමට විනිසුරුවන් තීරණය කළා.

ඔවුන්ගේ මෙම තීරණය ක්‍රිකට් විචාරකයින්, ක්‍රීඩකයින් ඇතුළු බොහෝ දෙනෙකුගේ විවේඡනයට ලක්ව තිබුණා.

‘‘හරිම හාස්‍යජනකයි,මට මෙය විශ්වාස කරන්නත් බෑ‘‘ යැයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් වාචරක මයික් හේස්මන් පවසා තිබුණා.ඉන්දියානු හිටපු සුපිරි පිතිකරුවෙකු වන සුනිල් ගවසකාර් පවසා තිබුනේ මෙය සිතා ගැනීමට නොහැකි අවස්ථාවක් බවයි.තවත් පන්දු ඕවරයක් යැව්වා කියා කිසිවෙකු පැමිණිලි නොකරන බවද ඔහු පවසා තිබුණා.

කෙසේ වෙතත් දිවා අහාරයෙන් පසු විනාඩි 40පසු නැවත තරඟය ආරම්භ කළ අතර, ජයග්‍රාහී ලකුණ වාර්තා කරමින් නායක කෝලි ඉන්දියානු කණ්ඩායම ජය්‍රගහණය වෙත රැගෙන ගියා.කෙසේ නමුත් ඒ අවස්ථාව වන විට බොහෝ ප්‍රෙක්ෂකයන් ක්‍රීඩා පිටියෙන් ඉවත් වී තිබුණා.

සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කළ යුෂ්වේන්ද්‍ර චහාල්ට තරඟයේ වීරයා සම්මානය හිමිවුණා.

තරඟ 6කින් සමන්විත එක්දින තරඟාවලියේ, පැවති තරඟ දෙකම ජයගෙන ඉදිරියෙන් සිටින්නේ ඉන්දියානු කන්ඩායමයි.

මෙම තරඟයේ විනිසුරුවන් ලෙස කටයතු කළේ පළපුරුදු විනිසුරුවරයෙකු වන පාකිස්ථානයේ අලීම් ඩාර් සහ දකුණු අප්‍රිකාවේ අඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක්ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top