Political

මෛත්‍රි එජනිස අපේක්ෂකයන් කොළඹට කැඳවයි!

පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන සියලුම අපේක්ෂකයන් දැනුවත් කිරීම සඳහා පැවැත්වෙන මහ සමුළුවක් මෙම 29 වැනිදා සිකුරාදා පස්වරු 2.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එහිදී සියලුම අපේක්ෂකයන් ශ්‍රී ලනිප ප්‍රතිපත්ති සුරකිමින් නීති ගරුක, පිරිසුදු පාලනයක් පළාත් පාලන ආයතන ව්‍යුහය තුළ ඇති කිරීම සඳහා දිවුරුමක් මඟින් ප්‍රතිඥාවක් ලබාදීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේය.

මැතිවරණ ජයග්‍රහණයෙන් පසුවද සමස්ත කාලසීමාව පුරාම දූෂණයෙන් තොර නීතිගරුක පාලන යාන්ත්‍රණයක් සිය සභාවන් තුළ ගෙන යන බවට වන ප්‍රතිඥාවක්ද ඒ තුළ අන්තර්ගත වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේය.

ඊට සමගාමීව එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් සියලු පක්ෂවල සහභාගිත්වයෙන් පළාත් පාලන මැතිවරණ තේමාව එළි දැක්වීමේ උළෙලක් දෙසැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා පෙරවරු 11.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත බවද අලගියවන්න අමාත්‍යවරයා තවදුරටත් පැවැසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top