Political

මෛත්‍රීගේ ධුර කාලය වසර 5යි – ව්‍යවස්ථාවට අනුව නිල කාලය අවසන් වන දිනය මෙන්න!

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 න් පසුව හමාරවිය යුතු බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපති කාර්යාලයට දැනුම්දී ඇතැයි වාර්තා වෙනවා.

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම තීරණය පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවකි. මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය සිදුකරන ලද්දේ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ සහ කේ.ටී. චිත්‍රසිරි යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත තමාගේ ධුර කාලය නිශ්චිතව දන්වන ලෙස ඉල්ලමින් විශේෂ විමසීමක් යොමුකර තිබුණේජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

පසුගිය බ්‍රහස්පතින්දා එය විවෘත අධිකරණයේ දී සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ස්වකීය නිගමනය ඊයේ සවස ජනාධිපති කාර්යාලයට බාරදුන්නේය.

ඒ අනුව 19 වන ව්‍යවස්ථාවේ තුන්වන වගන්තිය අනුව එය අවසන් වන්නේ 2020 අගෝස්තු 17 වන දිනයි.

එසේ වන්නේ 19 වන ව්‍යවස්ථාවේ තුන්වන වගන්තිය අනුව නව ජනාධිපතිගේ ධූර කාලය ආරම්භ වන්නේ 2015 අගෝස්තු 17 වන සිට බවද සඳහන්.

එමෙන්ම මේ අතර ජනාධිපති මෛත්‍රීගේ පාර්ශවයෙන් වාර්තා වන ආකාරයට ඉදිරි ජනාධිපතිවරණය ඉල්ලක්ක කරගනිමින් ජනාධිපතිවරයා ඉතා වැදගත් ප්‍රතිසංස්කරන ක්‍රියාවලීන් රැසක් සිදුකිරීමට ඉඩ ඇති බවයි.

මේ අතරට පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ දූශිත ගණුදෙනු මෙන්ම සිදුකල මිනීමැරීම් සියල්ලම මේ කාලය ඇතුලත පරීක්ෂණ සිදු කරමින් විශේෂ අධිකරණයක් පිහිටුවා දූශිතයන්ට දඬුවම් ලබා දෙන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top