Local

මොරගහකන්ද ව්‍යාපෘතිය භාර චීන සමාගමෙන් කම්කරු සේවකයන් ඉවත්කිරීමේ ඇත්ත කතාව

ශ්‍රී ලංකාවේ විශාලතම ජලාශ ව්‍යාපෘතිය ලෙස සැලකෙන මොරගහ කන්ද කළුගඟ ව්‍යාපෘතිය භාර චීන සමාගමෙහි සේවය කල කම්කරුවන් පිරිසකට රැකියා අහිමිවීම පිළිඹඳව පසුගිය දිනවල ප්‍රධාන පුවත්පත්ධාරවල වාර්තාවිය.

ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වාරිමාර්ග හා මහවැලි අමාත්‍ය ලෙස රාජකාරි කරන සමයේ මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන විශාලම ජලාශ ව්‍යාපෘතින් ලෙස ආරම්බ කරනලද මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතීන් අබන්ගඟ හා කළු ගඟ පාදක කොටගෙන ක්‍රියාත්මක කර ඇත. මොරගහ කන්ද ව්‍යාපෘතිය අබන්ගඟ හරස් කොට නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සිදුකරනු ලබන අතර කළුගඟ ව්‍යාපෘතිය අබන් ගඟෙහි අතුගන්ගාවක් වන කළුගඟ හරස්කොට ලග්ගල ප්‍රාදේශීය ලේකම් ක්ට්ටශය තුල සිදුකරනු ලබයි.

ඉහත ගැටලුවට මුහුණ දී තිබෙන කම්කරුවන් පිරිස සේවය කර ඇත්තේ කළුගඟ ව්‍යාපෘතිය භාරව සිටින චීන සමාගමට අනුයුක්තව තාවකාලික කම්කරුවන් ලෙසයි. කළුගඟ ව්‍යාපෘතිය 2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේ අවසන් කිරීමට සැලසුම් කර තිබුනද චීන සමාගම එය කඩිනම් කර 2017 වර්ෂයේ දෙස්සම්බර් මාසයේ අවසන් කිරීමට කටයුතු සලසා තිබෙනවා. එම සැලසුමට අනුව එම ව්‍යාපෘතියේ හිටපු චීන කලමානාකරුද නැවත චීනයට යවා ඇති ඇතර ඒ සමග චීන කම්කරුවන් පිරිසක්ද ආපසු යවාතිබෙනවා. නව කළමනාකරු ලෙස පත්ව ඇති ෂි මහතා පවසන අන්දමට මෙම ඉවත්කර ඇති කම්කරුවන් තාවකාලික කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන ඇති අතර ව්‍යාපෘතියේ එක් අංශයක සේවය කර ඇත. වර්ෂා සමය බැවින් එම අංශයේ සේවය තාවකාලිකව නැවතුවද රජයේ ඉල්ලීම මත ඉදිරි මාසයක කාලය සඳහා මත ඔවුනට අමතර වැටුපක් ගෙවා ඇත. වර්ෂා සමය අවසන් වූ පසු ලබනවස්රේ ජනවාරියේ සිට ඉතා සීග්‍රගාමිව මෙම කටයුතු සිදුකරන බැවින් මෙමෙ පිරිසට අමතරව තවත් අය සඳහාද රැකියා ලබාදියහැකිබවයි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top