Political

යුද්ධය අවසන් වුවත් රටේ නැති දෙයක් ජනපති පෙන්වද්දී – UNP සුළු ජනවරමත් මෛත්‍රීගේ දෙසට! (Video/Photos)

පශ්චාත් යුධ සමයක වගකීම් නිසි ලෙස ඉටු නොවීම නිසා යුද්ධය අවසන් වුවත් රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට සමගියෙන් ජීවත් විය හැකි පරිසරයක් රට තුළ නිර්මාණය නොවූ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

තමන් උරදී සිටින්නේ අතපසු වූ එම සංහිඳියා වැඩපිළිවෙළ රටේ සියළු ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ඊයේ (31) පස්වරුවේ සමන්තුරේ ප‍්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

නැවත යුද්ධයක් ඇති නොවන අයුරින් රට ගොඩ නැගීම තම අරමුණ වන බවද ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.

ඊයේ දිනයේ අම්පාර සහ මඩකලපුව ප්‍රදේශ වල මැතිවරණ රැලි තුනක් ජනාධිපතිවරයා විසින් ආමන්ත්‍රණය කල අතර ඒ සඳහා අති විශාල ජන සහභාගිත්වයක් තිබෙනු දකින්නට ලැබුන අතර එහිදී ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාව සමග සිංහල ජනතාවද ජනාධිපතිතුමා වෙත තම විශ්වාසය පළකරමින් ඒ රැලි සඳහා සහභාගී වීම විශේෂත්වයක්.

දේශපාලන විචාරකයන් සදහන් කරන්නේ රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගිලිහි ගිය සුළුතර ජන පදනම මෛත්‍රී ජනපතිතුමා හේතුවෙන් ඉහල ගොස් ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂය වෙත නතුව පැවති එම ඡන්ද පදනම නිදහස් පක්ෂට සමග සිටීම ජනාධිපතිවරයාගේ සිහිනයක් වන සිංහල දෙමල මුස්ලිම් සියලු දෙනා එකා මෙන් සිටින රටක් නිර්මාණය කිරීමේ ගමනට මේ වාතාවරණය සුභවාදී ලෙස බලපාන බවක් පෙනෙන්නට තිබේ.

රටක් ලෙස සියලුදෙනා එක්ව ඉදිරියට යාමට මෙවන් වාතාවරණයක් සකස් වීම 70 වන නිදහස සැමරීමට සුදානම් වන මේ මොහොතේ ජනතාව ලෙස සතුටුවිය යුතු තත්වයකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top