Local

“යුනිෆෝම් ඇදගෙන නැවෙන්නේ එහෙම නෑ..ඔහොම බුලත් අත දෙන්න” – එස්ටීඑෆ් සෙබලුන්ට ජනාධිපති කිව්ව දේ..! (Photos)

නව වසරේ රාජකාරි ආරම්භ කරන දිනය වූ අද දින සාම්ප්‍රදායික උදෑසන තේ පැන් සංග්‍රහයක් ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී පැවැත්විණි.

එම තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව ජනාධිපති කාර්‍යමණ්ඩල සාමාජිකයින් බුලත් අතක් දී වැඳ නමස්කාර කර ජනාධිපතිවරයාගෙන් ආශිර්වාද ලබා ගැනීම සාමාන්‍ය සිරිතකි.

අද උදෑසන ජනාධිපති කාර්‍යාලයේ අනෙකුත් සේවකයින් ජනාධිපති තුමාට බුලත් අතක් දී ආශිර්වාද ලබාගන්නා අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට සිටින විශේෂ කාර්‍ය බලකා සාමාජිකයින්ද ඒ මහතාගෙන් ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අතර එහිදි ඔහු පැවසු දෙයි.

එම විශේෂ කාර්‍ය බලකා සාමාජිකයින් මෙන්ම එහි සිටි අනෙකුත් සේවකයින්ද පුදුමයට පත් විය.

“යුනිෆෝම් ඇදගෙන නැවෙන්නේ එහෙම නෑ…ඔහොම බුලත් අත දෙන්න” යනුවෙන් ඒ මොහොතේදී ජනාධිපතිවරයා එම විශේෂ කාර්‍ය බලකා සාමාජිකයින්ට පවසා ඇත.

ජනාධිපතිවරයා කිසිම විටෙක නිල ඇදුමෙන් සැරසී සිටින කිසිදු නිලධාරියෙකුට තමන්ට වැද නමස්කාර කිරීමට ඉඩ නොදෙන අතර සිය සමවයස් කාර්‍ය මණ්ඩල සාමාජිකයිනට සහ දේශපාලන නියෝජිතයින්ට කිසි විටෙකත් ඒ සඳහා ඉඩ නොදෙන බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග අප සමග ප්‍රකාශ කලා.

වැඩිහිටියන්ගේ පාද නමස්කාරය සිංහල සංස්කෘතියේ කොටසක් බැවින් තමන්ට වඩා වයසින් බාල සිවිල් පුරවැසියන්ට පමණක් ජනාධිපතිවරයාට වැද ආශිර්වාද ලබා ගැනීමට ඉඩ ලබා දෙන බවත් වාර්තා වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top