Local

රජයේ වී තොග මෝල් හිමියන්ට විකිණීම ජනපති අත්හිටුවයි..!

නියමිත කාලසීමාව තුළදී වැසි නොලැබීම හා මහවැලි ජලාශවල ප්‍රමාණවත් තරම් ජලය නොමැතිවීමෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහ ගොවිජනපද ව්‍යාපාරවල අක්කර 100000 කට අධික ගොවිබිම්වල වී ගොවිතැන් නොකිරීම නිසා ඉදිරියේදී ඇතිවන ආහාර හිඟයට මුණුදීම සඳහා වී අලෙවි මණ්ඩලය විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් මිලදීගත් වී මෙට්‍රික්ටොන් 200000ක් සහල් මෝල් හිමියන්ට අලෙවි කිරීම වහාම අත්හිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝගකොට ඇත.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල හා මහවැලි බී සහ ජී, සී, කලාපවල මහ කන්නයේ අක්කර 1,50,000කට අධික ගොවිබිම්වල වී ගොවිතැන් කිරීමට නියමිත නමුත් මහ කන්නයේ නියමිත වර්ෂව නොලැබීම නිසා මේ වනතුරු වගා කටයුතු අරඹා නැත.

පරාක්‍රම සමුද්‍රය හා මින්නේරිය ජලාශවලින් ගොවි සංවිධාන නිලධාරින්ගේ ඉල්ලීම පරිදි වගා කටයුතු ඇරඹීමට ජලය නිකුත්කරනු ලැබූවත්, පවත්නා දේශගුණය මත ආරම්භකොට ඇති වී ගොවිතැන් සඳහා අවශ්‍ය තරම් ජලය බෙදාහැරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට නොහැකිවී තිබේ.

වී අලෙවි මණ්ඩලය විසින් පසුගිය යල කන්නයේ ගොවීන්ගෙන් මිලදීගත් වී මෙට්‍රික්ටොන් 200000ක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගබඩාවල තැන්පත්කර තිබුණ අතර, එම වී තොග කිලෝව රුපියල් 44 බැගින් සහල් ‍මෝල් හිමියන්ට අලෙවි කිරීමට නියමිතව තිබුණි.

මේ වනවිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී කිලෝවක මිල රුපියල් 51 දක්වා ඉහළ ගොස් තිබේ.

පොළොන්නරුව විශේෂ ගාමිණී ඔබේසේකර

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top