Political

රටක් බලා සිටි බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගේ ප්‍රකාශය මාධ්‍ය වෙත නිකුත් කිරීමට සූදානම්

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළ විමර්ශනයේ වාර්තාව පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ විශේෂ ප‍්‍රකාශය අද (03) පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත් කරනු ඇතැයි වාර්තා වනවා.

ඊට අදාළ වාර්තාව ලැබිමෙන් පසු ජනාධිපතිවරයා ට්විටර් සටහනක් තැබුවේ අද දිනයේ ඒ පිළිබද ප‍්‍රකාශයක් සිදුකරන බවටයි.

පිටු 1,400 කින් සහ ඇමුණුම් සියයකින් එම වාර්තාව සමන්විතයි. කොමිසම හමුවේ පෙනී සිටි හැත්තෑ දෙනෙකුගේ සාක්‍ෂි ඊට ඇතුළත්. ගතයුතු ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳ නිර්දේශද එහි අන්තර්ගත බවයි වාර්තා වන්නේ.

මේ අතර බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවදුරටත් විවිධ අදහස් පළ වනවා. එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය පී හැරිසන් කියාසිටියේ “වාර්තාව කොයි තරම් ලොකු වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ” යනුවෙනි.

මේ අතර බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප‍්‍රසාද, බලය සහ අධිකාරී අනිසි ලෙස භාවිත කිරීමේ සිද්ධින් පිළිබද සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවද ඊයේ (02) ජනාධිපතිවරයාට භාරදුන්නා.

2010 වසරේ ජනවාරි මාසයේ සිට 2015 වසරේ ජනවාරි දක්වා සිදුවූ සිද්ධීන් මෙහිදි සොයා බැලීම සිදුවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top