Local

රට බේරා ගන්න ජනපති මෛත්‍රී හැර වෙන කවුරුත් නෑ – මැදගොඩ අභයතිස්ස හිමි (Video)

මේ අවස්ථාවේදී රට බේරාගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හැර බලය ඇති වෙනත් පුද්ගලයෙකු නොමැති බව පැපිලියාන සුනේත්‍රාදේවී පරිවේණාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.මේ අවස්ථාවේදී රට බේරාගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හැර බලය ඇති වෙනත් පුද්ගලයෙකු නොමැති බව පැපිලියාන සුනේත්‍රාදේවී පරිවේණාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.

මෛත්‍රීපාල සිරිසේන මහතා රටට හිතවත්ව වැඩ කරන්නේ නම්, ඔහු සමග එකතු වීමට තමන් වහන්සේලා සූදානම් බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ. ‘එළිය’ සංවිධානය විසින් කොළඹ පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී අද (07දා) පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මැදගොඩ අභයතිස්ස හිමියෝ වැඩිදුටරත් සඳහන් කළේ, පුද්ගලයෙකු අඳින පලඳින ආකාරයට වඩා වැදගත් වන්නේ එම පුද්ගලයාගේ ක්‍රියාව බවයි.

සමහරුන්ට මහින්ද වලිප්පුව, රනිල් වලිප්පුව, මෛත්‍රීපාල වලිප්පුව සෑදී තිබෙන බවත්, එවැනි පෞද්ගලික වලිප්පුවලින් ඉවත්ව දේශපාලඥයන් රට වෙනුවෙන් වැඩකළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

පසුගිය කාලය තුළදී ආණ්ඩුව ඉදිරිපත් කළ රටට අහිතකර එක පනතක් හෝ ආපස්සට හැරවීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට නොහැකි වූ බවද අභයතිස්ස හිමියෝ පවසා සිටියහ.

මීට පෙර පැවති උත්සවයකදීද උන්වහන්සේ මේ බව ප්‍රකාශ කල වීඩියෝව පහතින්,

රට ඉදිරියේ පවතින බරපතළ අභියෝග ජයගැනීම සඳහා විශාල ශක්තියක් සහ හැකියාවක් ජනාධිපතිතුමා සතු බවත්, සියලූ ජාතීන්ගේ එකගතාවයෙන් ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් දැියහැකි නායකයා ජනාධිපතිතුමා පමණක් බවත් ශ‍්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ පවසති.

මෑතකදී ජනාධිපතිතුමා මුණගැසී දීර්ඝ වේලාවක් තමන්ගේ අදහස් පළකළ බව සිහිපත් කළ අභයතිස්ස හිමියෝ, ඒ සා දීර්ඝ වේලාවක් ඉතා සන්සුන්ව තමාට සහ තම පිරිසට ඇහුම්කන් දුන් ජනාධිපතිතුමා අවසානයේ ස්ථිරසාර ලෙස පළකළ අදහස, එතුමාට මේ රටත් රටේ වැසියනුත් ගැන ඇති හැගීම ඉතා ගැඹුරින් පෙන්නුම් කළ බව ද සඳහන් කළේය.

නිදහස ලැබුණු දා සිට මේ රටේ සුළු ජනවර්ග හා මහ ජනවර්ග අතර ගැටුම් අවුලවනුයේ දේශපාලනඥයින් විය හැකි වුව ද එසේ ඇවිලවිය හැකි යම් මූල බීජයක් පවතින බවත්, එම මූල බීජය ඉවත් කොට සියලූ ජාතීන්ට සමගියෙන් ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම තම අරමුණ බවත් ජනාධිපතිතුමා තමා සහ පිරිසට සඳහන් කළ බව ද අභයතිස්ස හිමියෝ සිහිපත් කළහ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top