Business

” රුපියල් පන්සීයක් රැගෙන කොළඹ පැමිණ , ව්‍යාපාර අරඹා රටම දිනූ ව්‍යාපාරිකයා ” ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයා ධම්ම්ක පෙරේරාගේ ජීවිත කතාව .!

ධම්මික පෙරේරා නාමය ඔබට නුහුරු නාමයක් විය නොහැක. ධණවත්ම ශ්‍රී ලාංකීකයා ලෙස වැජබෙන ව්‍යාපාරිකයා ලෙස ඔහු ප්‍රසිද්ධියට පත්වූයේ මීට වසර කිහිපයකට පෙරය. ධම්මික පෙරේරා පසුගිය දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වූයේ මෙරට විද්‍යුත් භාණ්ඩ අලෙවියේ ඉදිරියෙන්ම සිටින ව්‍යාපාරයක් වන සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කොටස්‌වලින් 61.37% ක ප්‍රමාණයක් මිළදි ගෙන සිංගර් ශ්‍රී ලංකා ව්‍යාපාරයත් තමන්ගේ ව්‍යාපාර ජාලයට පවරා ගැනීමත් සමගය. මෙම ගණුදෙනුව සිදු වූයේ ධම්මික පෙරේරා සභාපතිත්වය දරන හේලීස්‌ සමාගම හරහා ය. කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ තිබූ සිංගර් සමාගමේ කොටස්‌ මිලියන 231.8 ක්‌, කොටසක්‌ රුපියල් 47 බැගින් හේලීස් සමාගම මිලට ගෙන තිබිණ. ඒ ව්‍යාපාරික ලෝකයේ ධම්මික පෙරේරා ගොඩ නගා තිබෙනා ආධිපත්‍යයයි.
ව්‍යාපාරික‍යෙක් වශයෙන් අතිශය සාර්ථක , ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයාගේ ජීවිත කතාව තුල බොහෝ දෙනා නොසිතන තරමේ කැපවීමක් , අධිෂ්ඨානයක් ගැබ් ව තිබේ.වර්තමානයේ ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයා මෙන්ම බිලියන ගණනින් ආදායම් උපයනා ව්‍යාපාරිකයා සිය ව්‍යාපාර ආරම්භ කරන්නේ රුපියල් පන්සියකිනි. බොහෝ දෙනාට ආදර්ශයක් වන ධම්මික පෙරේරා ගේ ජිවීත කතාව මෙලෙසය.

කුලප්පු ආරච්චිගේ දොන් ධම්මික පෙරේරාගේ ව්‍යාපාරික පවුලකින් පැවත එන්නේ නැත. ඔහු ජීවිතය ආරම්භ කරනා විට ඔහුට කිසිදු ව්‍යාපාරික සබදතාවයක් තිබුණේ ද නැත. වයස 19 හැවිරිදි කොලු ගැටයෙක් වූ සමයේ කොළඹ පදිංචියට පැමිණෙන විට ඔහු සතුව තිබුණේ රුපියල් 500 ක්‌ පමණි. එයින් වසර 15 කට පසු, එනම් වයස අවුරුදු 39 වන විට ඔහුගේ ආයෝජනයන් අතර විදුලි බලාගාර, බැංකු, කැසිනෝ ශාලා, හෝටල්, නැව් යනාදිය විය. එදා ඔහු සතුව තිබූ රුපියල් 500 රුපියල් බිලියන රැසක්‌ බවට පත්ව තිබිණි. කොළඹ තිබෙන කැසිනෝ ශාලා අතුරින් සාර්ථකම ක්‌ලබ් තුන ඔහුට අයත් ය. ඔහු සතුව නැවු ව්‍යාපාර පවා තිබේ. මෙරට ප්‍රධාන පෙළේ බැංකුවක කොටස්‌වලින් 9% ක්‌ මිලට ගත් ඔහු පසු කාලයේදී එහි ලොකුම කොටස්‌ හිමියා බවට පත්විය. ඉන් නොනැවති තවත් පෞද්ගලික බැංකුවක කොටස්‌වලින් 10% ක්‌ මිලට ගත් ඔහු පසු කාලයේදී එම බැංකුවෙහිද විශාලතම කොටස්‌ හිමියා බවටද පත්විය. රෝයල් සෙරමික්‌ සමාගමේ කොටස්‌වලින් 29% ක්‌ මිලට ගත් ඔහු, එල්. බී. ෆිනෑන්ස්‌ සමාගමේ කොටස්‌වලින් 20% ක්‌ ලබාගෙන පසුව එම සමාගමේද හිමිකරු බවටද පත්විය. ඔහු ව්‍යාපාරිකයකු වශයෙන් කොතරම් ස්‌ථාවර වීදයත් මෙයට වසර 15 කට පෙර ඔහු සෙලාන් බැංකුවෙන් රුපියල් මිලියන 60 ක ණයක්‌ ඉල්ලූ විට ලලිත් කොතලාවල මැදිහත් වී ඔහුට රුපියල් මිලියන 240 ක්‌ ලබා දුන්නේය. සම්පත් බැංකුවෙන් ඔහු රුපියල් මිලියන 50 ක්‌ ණයට ඉල්ලූ විට බැංකුව ඔහුට රුපියල් මිලියන 150 ක්‌ දුන්නේය. එතරම් ව්‍යාපාරික ලෝකයේ ධම්මික පෙරේරාට පිළිගැනීමක් තිබේ.

ධම්මික පෙරේරා වයස අවුරුදු 19 දී එනම් 1987 දී කොළඹට පැමිණෙන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු ඩිප්ලෝමාවක්‌ සම්පූර්ණ කිරීමටය. දිනක් ඔහු සතුව තිබු එකම හා දිගු කාළයක් තිස්සේ ඔහු භාවිතා කළ සපත්තු යුවලෙන් එක් සපත්තුවක් කැඩුනේ ඔහුගේ දෛවය වෙනස් කරන සිදුවීම බවට එය පත්වෙමිනි. කොළඹ සිට නැවත සිය ගම් ප්‍රදේශයට ඔහු ගිය පසු , ඔහුගේ මව මේ කැඩුනු සපත්තුව දුටුවාය. සිය ආදරණීය පුතුගේ කැඩුණු සපත්තුව දුටු මව අලුත් සපත්තු කුට්‌ටමක්‌ මිලට ගැනීම සඳහා ධම්මික පෙරේරාට රුපියල් 500 ක්‌ දුන්නේ එවකට ඔහුට ආදායම් මාර්ගයක් නොතිබු නිසාය.නමුත් ඒ මුදලෙන් ඔහුට සපත්තු මිළදී ගැනීමට නොහැකිය. ඒ 88 භීෂණය සමය බැවින් මහමග ගමන් කිරීම පවා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට අනතුරුදායක වී තිබු බැවිනි. ධම්මික මේ වන විට නැවතී සිටියේ පෑලියගොඩය. භීෂණය නිසා විශ්වවිද්‍යාල වසා දැමූ බැවින් පෑලියගොඩ බෝඩිමට වී කල්පනා කරමින් සිටි ධම්මිකට බෝඩීම ඉදිරිපිට පාරේ වෙළෙඳාම් කරන පේමන්ට්‌ වෙළෙන්දකු හමුවිය. ධම්මිකගෙන් ණයට රුපියල් 500 ක්‌ ඉල්ලූ ඔහු එය සිය ව්‍යාපාරයට යොදා සෑම දිනකම ඉන් ලැබෙන ලාභයෙන් අඩක්‌ දෙන්නෙ යැයි පොරොන්දු විය.

පසුගිය සතියේදී ඔහු සිංගර් සමාගම මිලට ගන්නේ ඒ රුපියල් පන්සියයේ තවත් ප්‍රතිඵලයක්‌ ලෙසය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top