World

රුසියානු සයිබර් ප්‍රහාර ගැන ඔබාමා තුවක්කුව අතට ගනී

ඇමරිකාවේ පැවති ජනාධිපතිවරණය ඉලක්ක කරමින් සිදුවී ඇතැයි කියන රුසියානු සයිබර් ප්‍රහාරවලට එරෙහිව කටයුතු කරන බව වත්මන් ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා අවධාරණය කර තිබේ.

ඇමෙරිකාවේ, එන්.පී.ආර්. ගුවන්විදුලි සේවයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔබාමා පවසා තිබුණේ, රුසියාවේ ක්‍රියාව සඳහා ප්‍රතිචාර දැක්වීම අත්‍යවශ්‍ය බවත්, එය අනිවාර්යයෙන්ම සිදුවනු ඇති බවත්ය.

කෙසේ වෙතත්, රුසියානු සයිබර් ප්‍රහාරවල අරමුණ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සහාය පළකිරීම සඳහා යැයි ඔබාමා සඳහන් නොකළද, එම ප්‍රහාර හේතුවෙන් ට්‍රම්ප්ගේ ඡන්ද ව්‍යාපාරයට වඩා හිලරිගේ ඡන්ද ව්‍යාපාරයට ගැටලු ඇති වූ බව පමණක් සඳහන් කරමින් වක්‍රාකාරයෙන් ඔහු ට්‍රම්ප් වෙතද ඇඟිල්ල දිගු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඇමෙරිකාව නඟන මෙම චෝදනා සිනහ උපදවන තේරුමක් නැති කතාවක් බව මොස්කව් පාලනය මීට පෙරද සඳහන් කර තිබුණි.

එමෙන්ම, පසුගිය සැප්තැම්බර් මාසයේදී චීනයේ පැවති G20 සමුළුවේදී ඔබාමා හමුවූ අවස්ථාවේදීද, රුසියනු ජනපති ව්ලැදිමීර් පූටින් මෙම චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් ඇමෙරිකාවට ලබාදී තිබූ බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, ඇමෙරිකානු බුද්ධි අංශ පෙන්වා දෙන්නේ මෙම පරිගණක හැකර් ප්‍රහාර පසුපස රුසියාව සිටින බවට ඔවුන්ට පැහැදිලි සාක්ෂි ලැබෙමින් පවතින බවයි.

නරේන් විශ්වජිත් : www.ada.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top