Local

ලංකාවේ මුල්‍ය විනය අන්තිමයි – රටම ණය කල දේශපාලකයින් විගණකාධිපති හෙළිකරයි! (Video)

පළාත් පාලන මැතිවරණයට රටම සුදානම්. ජනතාව විවිධ හේතු මත හෙට උදෑසන සිට ඡන්දය භාවිතා කරීමට බොහෝ විට තීරණය කොට හමාර වුවත් විවෘත මනසකින් රට සහ රටේ ආර්ථික දේශපාලන පසුබිම දෙස බලන සමහර පුද්ගලයින්ට තවමත් කාටද චන්දෙ දෙන්නේ කියන එක සිතමින් සිටින්නට සිදුව තිබේ.

එයට ප්‍රධාන වශයෙන්ම හේතුව වී තිබෙන්නේ වංචාව දුෂණය සහිතව කිසිදු මුල්‍ය විනයක් නොමැතිව රට පාලනය කල රාජපක්ෂ පාලනය පන්නා දමා පත්කරගත් යහපාලන රජයද තම අපේක්ෂා සිතු තරම් ඉටුකොට නැති නිසාය. එහිදී ජනතාව කල්පනා කල්පනා කරන්නේ මේ වැඩේ කරන්න පුළුවන් කාටද කියාය. එය යලි රාජපක්ෂලාට සිදු කල නොහැකි බව සක්සුදක් සේ දන්නා බහුතර ජනතාව වෙන කරන්නට දෙයක් නැතිම තැන තම ඡන්දය කාට හෝ දමන්නට තීරණය කරන අතර සමහරුන් ඡන්ද පොලට යාම ප්‍රතික්ෂේප කොට ගෙදරටවී සිටීමට වැඩි කැමැත්තක් දැක්වීමද වරදක් නැත.

නමුත් සමීක්ෂණ වාර්තා අනුව මෙවර මැතිවරණය තුලින් විද්‍යාමාන වන ප්‍රධාන කරුණු දෙකක් තිබේ එනම් දුෂණයට වංචාවට විරොධී නොකිලිටි ගමනක් යන්නේ කවුද වග සහ වංචා දුෂණ වලින් තම දේශපාලනය කිලිටි කරගත්තේ කවුද යන්න එම කරුණු දෙකයි. මෙහිදී 78% වංචා දුෂණ විරෝධී මතයක් දරන බව සමීක්ෂන වාර්තා කිහිපයකින්ම කියවුනා. මිට අමතර තවත් කරුණු විවිධ ජන කොටස් බලාපොරොත්තු වුවත් බහුතර ජනමතය ප්‍රකාශ වන්නේ දුෂණය හා වංචාව යන මාතෘකාවට බව නොරහසක්.

ඉහත මතය හෙළි කරමින් හෙළිදරව් වූ ජනමත සමීක්ෂණයක ප්‍රථිපල පහත පරිදි වනවා.

මෙවැනි මතයක් දරන ජනතාව සැබවින්ම කල යුත්තේ කුමක්ද?

පක්ෂ පාට ජාති භේධයකින් තොරව වංචා දුෂණ චෝදනා නොමැතිව නොකිලිටි ගමනක් යන බලවේග වෙත තම සර්වජන ඡන්ද බලය භාවිතා කල යුතුය එසේ නැත්තනම් සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව මනා දැනුමක් හා විග්‍රහයක් විගණකාධිපතිවරයා පසුගියදා මාධ්‍ය වෙත අනාවරණය කොට සිටියා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ 2005 සිට 2016 දක්වා රටේ මුල්‍ය වාර්තා හා විගණන වාර්තා පෙන්වා දෙමින් රටේ දේශපාලකයින් හා ඔවුනට කොන්ද නවන නිලධාරි පැලැන්තිය මෙම ව්‍යසනයට වගකිවයුතු බවයි. ඔහු කියා සිටියේ දැන් හෝ මුල්‍ය විනයක් ඇති කර නොගත හොත් රට තව තවත් ප්‍රපාතයටම යන බවයි. එහිදී විගනකාධිප්තිවරයා දැක්වූ අදහස් පහතින් නරබන්න

මෙහිදී වංචා දුෂණ වලට අමතරව පසුගිය රජයන් විසින් කල මහා අපරාධයක්ද ඔහු හෙළි කරේය. එනම් ණය ලේඛනගත නොකර සඟවා තැබීමට නිලධාරින් කල උත්සාහයයි.

ඔබගේ මැතිවරණ තීන්දුව ගැනීමට පෙර මදක් සිතන්න දුෂණ විරෝධී ගමනක් යන දේශපාලන බලවේගයක් හා අපේක්ෂකයින් පත් කිරීම හැර මේ රට ගොඩ ගන්නට වෙන ක්‍රමයක් නැත.නැවත යුද්ධයක් ඇති නොවන පසුබිමක රට බේරාගන්නට ඇති එකම ක්‍රමය මුල්‍ය විනයකින් යුතුව රටට ජනතාවට වගකියන පාලනයක් ඇතිකර ගැනීමට ඔබගේ ඡන්ද අයිතිය භාවිතා කිරීමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top