Sports

ලොවම මොහොතකට නතර වෙන පාපන්දු ලොවේ මහා ගැටුම අදයි – එකිනෙකා පරයන ගැටුමට මෙසී – රොනාල්ඩෝ සුදානම් (Video)

ලොව ජනප්‍රියතම ක්‍රීඩාව වන පාපන්දුවේ වඩාත්ම අවදානයට පාත්‍ර වන තරගය අද දින පැවැත්වීමට නියමිතයි. ඒ ස්පාඥ්ඥයේ බාසිලෝනා සහ රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තරගයයි.

බාසිලෝනා සහ රියාල් මැඩ්‍රිඩ් ක්‍රීඩා සමාජ ලොව ප්‍රබලතම පාපන්දු ක්‍රීඩා සමාජ ලෙසද සැළකෙන අතර , මෙම කණ්ඩායම් අතර දෙක පැවැත්වෙන තරගයක් හැදින්වෙන්නෙ එල් ක්ලැසිකෝ (El Classico) තරගයක් නමින්.

ස්පාඥ්ඥයේ ප්‍රමුඛතම ක්‍රීඩා සමාජ දෙක වබන බාසිලෝනා හා රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායම් අතර පෞරාණික හතුරුකමක් තිබෙනා අතර එම එදිරිවාදිකම පාපන්දු ලොවේ විශාලතම එදිරිවාදිකම ලෙසද සැළකේ.

බාසිලෝනා කණ්ඩායම නියෝජනය කරන්නේ කැටලෝනියාව වන අතර ස්පාඥ්ඥයෙන් නිදහස් වීමේ සිහිනයක පසුවන කැටලෝනියානුවන්ගේ නිදහස් සටනට ක්‍රීඩා පිටියේදී පණ පෙව්වේ බාසීලෝනා ක්‍රීඩා සමාජයයි. ස්පාඥ්ඥයේ අගනුවර වන මැඩ්‍රිඩ් නගරය කේන්ද්‍ර කොටගත් රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායමට බාසිලෝනා කණ්ඩායම සමග ක්‍රීඩා පිටියේ එදිරිවාදිකම ඇරබෙන්නේ මීට සිය වසකටත් පෙර සිටයි,

ලොව පුරා මිලියන ගණනින් රසික‍යන් මෙම කණ්ඩායම් දෙකකටම සිටින නිසා මෙම කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරගයක් ලොවෙහිම අවදානය දිනා ගන්නවා. තවද ලොව එදා මෙදා තුර බිහිවූ හොදම පාපන්දු ක්‍රීඩකයා සේ සැලකෙන අර්ජන්ටිනාවේ ලයනල් මෙසී ක්‍රීඩා කරන්නේ බාසිලෝනා කණ්ඩායමට වීමත් , ඔහු සමග හොදම ක්‍රීඩකයා වීමට තරග වදින ජනප්‍රියතම තරගකරු ප්‍රතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ක්‍රීඩා කරන්නේ රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායමට වීමෙන්ද මෙම තරගය අවදානයට ලක්වීමට තවත් හේතුවක්.

මෙම තරගය අද දින ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5:30ට පමණ , රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායමේ ක්‍රීඩා පිටිය වන සැන්තියාගේ බර්නාබියූ ක්‍රීඩා පිටියේදි පැවැත්වීමට නියමිතයි. ඒ ස්පාඥ්ඥ පාපන්දු ලීගයේ තරගයක් ලෙසටයි . ප්‍රසාද ලකුණු 42ක් ලබා සිටින බාසිලෝනා කණ්ඩායම මේ වන විට ස්පාඥ්ඥ පාපන්දු ලීගයේ පෙරමුණේ පසු වෙනවා. ප්‍රසාද ලකුණු 31ක් ලබා සිටින රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායම මේ වනවිට ස්පාඥ්ඥ පාපන්දු ලීගයේ සිවු ව්නි ස්ථානයේ පසුවෙනවා. ඒ අනුව ස්පාඥ්ඥ ලීගය පිළිබදව බලාපොරොත්තු තබා ගැනීමට අවශ්‍ය නම් රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායමට අද තරගය ජය ගැනීම අත්‍යවශ්‍ය කරුණක්.

බාසිලෝනා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීද අද තරගයට ප්‍රවිශ්ඨ වන්නේ වසර 39ක අද්විතීය වාර්තාවක් අභියස සිටයි. එනම් යූරෝපයේ හොදම පාපන්දු ලෝග පහ තුලදි , එක් ක්‍රීඩකයෙක් එක් ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් රැස් කළ ඉහලතම ගෝල ගණනේ වාර්තාවයි. බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් තරග 606කදි ගෝල 525ක් රැස් කර සිටින ලයනල් මෙසී , 1979 වසරේදි ජර්මානු ක්‍රීඩක ජර්ඩ් මුලර් තැබූ වාර්තාව සම කර සිටිනවා. ඒ අනුව අද තරගයේදි ලයනල් මෙසී ගෝලයක් රැස් කර ගැනීමට සමත් වුවහොත් ප්‍රතිවාදී ක්‍රීඩාංගණයේදී ඔහුට සුපිරි වාර්තාවක් තැබීමටද හැකි වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top