Local

ලොව උසම නත්තල් ගසේ වැඩ අවසන් – අද කොළඹ දී පහන් වේ (Photos)

ලොව පුරා සිටින කතෝලික ජනතාව අද (24) මාධ්‍ය ම රාත්‍රියේ නත්තල් හද බැතියෙන් සැමරීමට සියලු ම කටයුතු සුදානම් කරමින් සිටි.මේ අතර ලංකාවේ කතෝලික ජනයා ද නත්තල සැමරීමට නොහොසුළුව සුදානම් වන බව දක්නට ලැබේ.

මේ අතර පසුගිය දා ලොව උසම නත්තල් ගස ලංකාවේ ඉදි කිරීමට සියලු ම කටයුතු සුදානමින් පැවතුණ ද එහි කටයුතු අතර මග දී නතර කිරීමට සිදු විය. එහෙත් සියලු ම බාධක මැද නත්තල් ගසේ කටයුතු නැවත ඇරඹීමට තීරණය විය.

ඉතින් අද (24) සවස 7.00 ට කොළඹ ගෝල්ෆේස් පිටියේ දී ඉදි කරනු ලැබූ නැත්තල් ගස පහන් කිරිමට කටයුතු සුදානමින් පවතී.

මෙම නත්තල් ගස මිටර් 100 උස කේතුවක් ආකාරයෙන් යුක්ත කොටසක් හා හරිත දැලකින් සමන්විතව යුත්ත අතර රතු ,නිල්, රිදී සිත්තම් වලින් යුක්ත වේ. LED බල්බ 8000,000 යුක්තව සමන්විත මෙම නත්තල් ගස ඉතා විචිත්‍ර අන්දමින් සරසා ඇත.ඒ අනුව අඩි 20 ක් පමණ උස කිලෝ ග්‍රෑම් 60 ක් පමණ තරුවක් ගස මුදුනේ දක්නට ලැබේ. මෙහි සම්පුර්ණ උස අඩි 325 පමණ වේ.

මේ අනුව මෙම ගස දැක බලා ගැනීමට පැමිණෙන ලෙස සියලුම දෙනාට ම “මව්බිම ” අපි ආරාධනා කරමු.

මහේෂිකා කුඹුක්ගොල්ල – www.mawbima.lk

Worlds Tallest Christmas Tree

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top