World

ලෝකවාසීහු 2018 නව වසර සමරති

2017 වසර ගෙවී 2018 වසර උදාව සැමරීමට ලෝකයේ රටවල් රැසක ප්‍රධාන නගරවට උත්සව රැසක් සංවිධානය කර තිබිණි.

නව අවුරුද්ද මුලින් ම උදාවූයේ සැමෝවා, ටොන්ගෝව, ක්‍රිස්මස් හා කිරිබටි දූපත්වලටය.

මැදියම් රැය පසු වනවාත් සමගම එම රටවල් සහ දූපත් නව අවුරුද්ද පිළිගත්තේය. අලුත් අවුරුද්ද අවසාන වශයෙන් උදා වනුයේ ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් බේකර් සහ හව්ලන්ඞ් දූපත්වලටය. කෙසේ නමුත් මේ දූපත්වල මනුෂ්‍ය වාසයකින් තොරය. මනුෂ්‍ය වාසයක් තිබෙන අවසන් වරට නව අවුරුද්දේ උදාව සමරනුයේ ‘‘ඇමෙරිකා සැමෝවා‘‘ දූපත්ය. ඔවුන් අලුත් අවුරුද්ද සමරනුයේ ලන්ඩනයේ වේලාවෙන් ජනවාරි 1 වැනිදා උදෑසන 11 වන විටදීය.

සැමෝවා සහ ඇමෙරිකා සැමෝවා යනු දූපත් දෙකකි. මුලින්ම 2018 උදාවූ සැමෝවාහි වැසියෝ අලුත් අවුරුද්ද ගිනිකෙළි සංදර්ශන සහ ඔවුන්ගේ සම්ප්‍රදායික නැටුම් ආදී විවිත්‍රාංග පවත්වමින් නව අවුරුද්ද පිළිගත්හ. සැමෝවා බලධාරීහූ 2011 වසරේදී ඔවුන්ගේ ජාත්‍යන්තර දින රේඛාව නැගෙනහිර සිට බටහිරට ගෙන ගියහ. එතෙක් කල් අලුත් අවුරුද්ද අවසාන වශයෙන් සමරන ලද්දේ සැමෝවා වැසියෝය.

සැමෝවා ආදී දූපත්වලට පසු නව අවුරුද්ද උදාවන ප්‍රධාන රටවල් වනුයේ නවසීලන්තය හා ඕස්ට්‍රේලියාවයි. අලුත් අවුරුදු උදාව සැමරීම දහස් ගණන් ඕසට්‍රේලියානුවෙන් සිඞ්නි වරාය ආසන්නයට එක්රැස්වූහ.

සිඩ්නි වරායට ඉහළින් අහස විනාඩි 15කට ආසන්න කාලයක් ආලෝකමත්ව තිබූ අතර එය ලොව පුරා බිලියනයකට වැඩි ජනගහනයක් නැරඹූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. සෑම වසරකදීම අලුත් අවුරුදු උදාව වීමට පෙර තත්පර දහය ඩිජිටල් ක්‍රමවේදයකින් ගණනය කෙරෙන අතර මෙවර පළමු වරට අවසන් තත්පර දහය මල්වෙඩි අහසේ දිස්වීමට සැලැස්වීමට සිඩ්නි බලධාරීහු කටයුතු කළහ.

ලොව අනෙක් රටවල් ද අලුත් අවුරුදු උදාව පිළිගැනීම සඳහා මල්වෙඩි සංදර්ශන ද ඇතුළුව විවිධ සංදර්ශනය, සාද සහ උත්සව සංවිධානය කර තිබිණි.

මේ අතර ලොව ප්‍රධාන නගර රැසක් අයි.එස් සංවිධානය ඇතුළු ත්‍රස්ත හා අන්තවාදී සංවිධානවල තර්ජන හේතුවෙන් ආරක්ෂාව තර කිරීමට ද කටයුතු කර තිබිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top