Science

වසර 600ක් ජීවත්වූ ලී චින් යුන් (Photos)

චීනයේ 1933 මැයි මස 6 වන දින මියගිය ලී චින් යුන් නැමැති පුද්ගලයා වසර 600ක් ජීවත් වූවා කීවොත් ඔබ විශ්වාස කරනවද? මෙය පුදුමයට කරුණක් වුවද එයට සාක්ෂි ඇත. මොහු උපන්නේ 1736 බවට මතයක් පවතින අතර එවිට ඔහු මියයන විට වයස 197කි. මොහු උපන්නේ 1677 බවටද මතයක් පවතියි. එයට හේතු වන්නේ 1827 දී ලී චින් යුන්ගේ 150 වන උපන්දිනයට එකල චීන ආණ්ඩුව විසින් එවන ලද සුබ පැතුම් පතයි. මොහු උපන්නේ 1326 බවටද පිලිගත හැකියි. එසේ වීමට හේතුව නම් 1526 දී මොහුගේ 200 වන උපන්දිනයට එවකට චීන රජු විසින් එවන ලද ලිඛිත සුබ පැතුම් පතයි.

%e0%b7%80%e0%b7%8f%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b6%ba-%e0%b7%80%e0%b7%83%e0%b6%bb-600%e0%b6%9a%e0%b7%8a-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b7%96-%e0%b6%bd%e0%b7%93-%e0%b6%a0

ලී චින් යුන් ආරක්ෂක සටන් කලාව ප්‍රගුණ කල පුද්ගලයෙකු ලෙසත්, ශාකසාර වලින් ප්‍රථිකාර කරන වෛද්‍යවරයෙකු ලෙසත් ප්‍රකට යි. මොහු වයස අවු. 10 සිටම තමන් ජීවත් වූ පලාතේ සැරිසර විවිධ ශාක වර්ග හදුනාගන්නට පටන් ගත්තේ ය. මොහු ආහාරයට ගත්තේ විවිධ පැලෑටි සහ සහල් වලින් පෙරන ලද වයින් වර්ගයකි. මොහු ආහාරයට ගත් ශාක අතර බිම්මල්, ගෝජි ( ගෙඩි වර්ගයක් ), වල් ජින්සෙන් සහ ගොටුකොළ වේ. මොහු මේවා විකිණීම තම ආදායම් මාර්ගය ලෙස යොදාගත්තේ ය.

මොහු එක් බිරිඳක් මියගිය පසු තවත් බිරිදක් විවාහ කරගෙන මියයන විට බිරින්දෑවරු 28කගේ ස්වාමිපුර්ෂයා විය. එමෙන්ම දරුවන් 200කගේ පියෙකි.

1749 දී මොහු ප්‍රාදේශීය අණදෙන නිළදාරී Yeuh Jong Chyi ගේ හමුදාවට බැඳුනේ ආත්මාරක්ෂක සටන් කලා ගුරුවරයෙකු ලෙසය. 1755 දී මොහු හමුදාවෙන් විශ්‍රාම ගත්තේය. එයින් පසු ඔහු සිදුකලේ පෙර පරිදි ශාකසාර වලින් ඖෂධ සොයා යෑමයි.

q

සතෙකුට තුවාලයක් සිදුවූ විට එම සතා සිදු කරන්නේ එම තුවාලයට ගැලපෙන පැලෑටිය වනයෙන් සොයාගෙන කෑම හෝ එම පැලෑටි තුවාලය මත තබා ගැනීමය. දැනට විවිධ ශාකසාර වලින් සාදන ලද වට්ටෝරු 12000ක් පමණ ලොව පුරා වෙසෙන විද්වතුන් සොයාගෙන ඇත. ඔවුන් විශ්වාස කරන අන්දමට වට්ටෝරු එක්ලක්ෂ විසිදහසක පමණ ප්‍රමාණයක් මිහිපිට ඇත. ලී ජින් යුන් ද කුඩා කල පටන් සිදු කලේ විවිධ වූ ශාකසාර වලින් හෙබි වට්ටෝරු සොයා ගැනීමය.

දුගු කල් ජීවත් වීමට අවශ්‍යතාව කුමක්දැයි ලී චින් යුන් සිය ශිෂ්‍යන්ට උගන්වන ලද්දේ පහත කරුණු හතරයි.

සිත සමනය කර ගන්න
ඉබ්බෙකු සේ ඉඳාන්න
පරවියෙකු සේ කඩිසරව ඇවිඳින්න
සුනඛයෙකු සේ නිදන්

සිය අවසාන කාලයේ ඔහු පවසා ඇත්තේ ” මම ජීවිත කාලය තුල කල යුතු හැම දෙයක්ම කලෙමි. දැන් මම ගෙදර යමි.” කියා ය. මොහුගේ ජීවිතයේ තවමත් සැඟවී ඇති රහස් බොහොමයක් ඇති අතර මොහුගේ ජීවිතයෙන් අපට ලබා ගත හැකි ආදර්ශද බොහෝ ය. ස්වභාවධර්මයට අනුව ජීවත් වන තැනැත්තා ස්වභාවධර්මයා විසින්ම ආරක්ෂා කරයි.

වාසිතය…..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top