Local

විදෙස් ජාතික පුහුණුකරුගේ අණට පල්ලෙකැලේ සිට අස්ගිරියට දුවලා – මහනුවර ත්‍රිත්ව සිසුවා මියයාමට හේතුව මෙන්න!

මහනුවර ජනප්‍රිය විදුහලක රගර් ක්‍රීඩකයෙකු අද ( 01 ) උදෑසන පුහුණුවීම් අතරතුර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පුහුණුකරු විසින් ඔහුට අණ කොට ඇත්තේ පල්ලෙකැලේ සිට අස්ගිරිය දක්වා දිව යාමටයි.

මෙලෙස දිව ගිය සිසුවා මහනුවර තැන්නේකුඹුර ප්‍රදේශයේදී ඇද වැටී ඇති අතර එම අවස්ථාවේදී ඔහුව රෝහල්ගත කර තිබෙනවා.නමුත් අවාසනාවන්ත ආකාරයෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙම සිදුවීම දරාගත නොහැකිව ඔහුගේ පියාද කම්පනයට පත්ව රෝහල් ගත කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

පල්ලෙකැලේ සිට අස්ගිරියට ඇති මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 10 කටත් වඩා වැඩියි.සාමාන්‍යයෙන් මෙවැනි දුරක් දිව යාමට පෙර සෞඛ්‍ය වාර්තා පිලිබඳව පරීක්ෂා කල යුතු අතර මෙහිදී එවැනි දෙයක් සිදුව නොමැති බවයි දැනගන්නට ලැබෙන්නේ.මෙම පුහුණුකරු එම විදුහලට මෑතකදී පැමිණ ඇති අතර ඔහු විදේශීය ජාතිකයෙකු වනවා.

ත්‍රිත්ව විද්‍යාලයේ ෆේස්බුක් පිටුවක පල කල තිබු අයුරු…

සිසුවාට දිවීමට අනකල දුර සීමාව…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top