Political

විනයක් ඇතුව ජනතා මුදල් වියදම් කරන්න – රාජ්‍ය නිලධාරී බබ්බුන්ට ජනපති මෛත්‍රී කියාදෙයි! (VIDEO)

මහජන මුදල් වියදම් කිරීමේදී හොඳ මූල්‍ය විනයක්, කළමනාකරණයක් තිබිය යුතුය යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (22) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන් ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මෙසේ ප්‍රකාශ කළේය.

පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ නිල නිවස ඉදිකිරීම සඳහා රුපියල් දස ලක්ෂ 48 ක මුදලක් වෙන් කිරීමත් බකමූණ රෝහලේ මෘත ශරීරාගාරය අලුතින් ඉදි කිරීමේදී එය මළ සිරුරු 35 ක් එකවර තැන්පත් කර තැබිය හැකි අන්දමේ විශාල මෘත ශරීරාගාරයක් ඉදි කිරීමත් ගෙනහැර දක්වමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.

මේ මුදල් රජයේ මුදල්, රජයේ මුදල් කියන්නේ මහජනතාවගේ මුදල්, ඒ මුදල් වියදම් කිරීමේදී හොඳ මූල්‍ය කළමනාකරණයක්, විනයක් ඇතිව වියදම් කිරීම අවශ්‍ය වෙනවා. බකමූණ රෝහලේ මෘත ශරීරාගාරය සැලසුම් කළ අයත් තීන්දු කළ අයත් ඇයි මෙහෙම කළේ. ඒ මෘත ශරීරාගාරයේ මළසිරුරු 35 ක් දාන්න පුලුවන් එකක්. මේක සැලසුම් කළ අය අනුමත කළ අය හිතන්න ඕනෑ.

එමෙන්ම පසුගිය ආණ්ඩු කාලයේ පැතිරවූ කාපට් මාර්ග වසංගතය පිළිබඳව සඳහන් කල ජනාධිපතිවරයා කාපට් පාරවල් හා සාමාන්‍ය තාර යෙදු මාර්ග වල වියදම් අතර වෙනස නිලධාරීන්ගෙන් විමසා සිටි අතර සාමන්‍යයෙන් කාපට් මාර්ග වලට යන වියදමෙන් හරි අඩක් පමණක් තාර යොදා මාර්ග සකස් කිරීමට වැයවන බව ඔවුන් පැවසු අතර දේශපාලන අධිකාරියේ අවශ්‍යතාවය මත එය සිදු කරන බව නිලධාරීන් දැනුම් දෙනු ලැබුවා. ජනාධිපතිවරයා නිලධාරීන්ට කියා සිටියේ බයිසිකලයකටවත් යන්න බැරි මාර්ග තාර දමා සකස් කිරීම ප්‍රමාණවත් බවත් අවශ්‍යතාව අනුව කාපට් මාර්ග සකස් කිරීමට පියවර ගන්නා ලෙසත්ය.

මේක අවුරුදු 100 කට ඇති පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂක නිල නිවාසය මිලියන 48 යි. අවශ්‍ය බඩු බාහිරාදිය දාල ඉවර වෙනකොට රුපියල් කෝටි 5 ක් යයි. සැලසුම් කිරීමේදී ඇස්තමේන්තු කිරීමේදී අදාළ නිලධාරීන් මේ ගැන හිතන්න. අපි සැලසුම් සකස් කරන කොට ව්‍යාපෘති හදනකොට විශේෂයෙන්ම 2018 අවුරුද්ද ජනතාවගේ ආර්ථිකය නංවන්න වැඩසටහන් හදන්න ඕනෑ.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර එහිදී ජනාධිපතිවරයා දැක්වූ අදහස් පහතින් නරඹන්න…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top