Political

විල්පත්තුව විනාස කරපු බදියුදීන්ට සහ ඉඩම් දීපු බැසිල්ට අධිකරණයෙන් නොතීසි

විල්පත්තු රක්ෂිතය එළිපෙහෙලි කර එහි අනවසර ඉදිකිරිම් සිදු කර ඇති ඉඩම් යළි රජයට පවරා ගැනිමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොණු කළ පෙත්සමක් විභාගයට ගැනිමට අභියාචනාධිකරණය අවසර ලබාදී තිබේ.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ඇතුළු දෙදෙනෙකු විසින් ගොණුකර තිබූ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල එම නියෝගය ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

විල්පත්තු රක්ෂිතය වනාන්තරය කපා එහි අනවසර ඉදිකිරිම් හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදුව ඇති බව පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.

එය මුළුමුණින්ම නීතියට පටහැනි ක්‍රියාවක් වන අතර දැනට සිදු කර තිබෙන අනවසර ඉදිකිරිම් ඉවත් කර එම ඉඩම් රජයට යලි පවරා ගැනිමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා ඇත.

එම ඉල්ලීම සලකා බලා පෙත්සම විභාග කිරිම සඳහා අවසර ලබාදුන් අභියාචනාධිකරණය පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මධ්‍යම පරිසර අධිකාරිය, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයකට මාර්තු මස 05 වනදා අධිකරණයේ කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top