Political

ශ්‍රීලනිප මන්ත්‍රීන්ට පොදුජන පෙරමුණේ වැඩ බෑ!

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් වෙනත් පක්‍ෂයක ජයග‍්‍රහණය සඳහා උපකාර කළහොත් පක්‍ෂ ව්‍යවස්ථාව අනුව අනිවාර්යයෙන්ම ඔවුන්ට එරෙහිව ක‍්‍රියා මාර්ග ගන්නා බව ශ්‍රී.ල.නි.ප උප ලේකම්, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

වෙනත් පක්‍ෂයක් ප‍්‍රවර්ධනයට දායකවීම පක්‍ෂ ව්‍යවස්ථාව අනුව මන්ත්‍රීධුරය අහෝසි කිරීමට පවා හැකි වරදක් බව කී අමාත්‍යවරයා පළාත් පාලන මැතිවරණ සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිස් එසේ කරන්නේ ද යන්න ගැන සොයා බලන බව ද කීවේය.

ශ්‍රී.ල.නි.පය නියෝජනය කරන පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත‍්‍රීවරුන් ගම් මට්ටමින් හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවට නැග එහි ප‍්‍රචාරණ කටයුතුවල නිරත වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top