Sports

ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකානු චාරිකාව අහිමිවන ලකුණු

ලබන වසර ආරම්භයේ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් චාරිකාව අවලංගු කිරීමට දකුණු අප්‍රිකාව උත්සාහයක නිරත වන බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කළා.

ලබන වසර ආරම්භයේදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟ 3 ක සංචාරයක් සඳහා දකුණු අප්‍රිකාව බලා යාමට නියමිතව තිබෙනවා.

එහෙත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක හරූන් ලොගාට් ප්‍රකාශ කර ඇත්තේ ඒ වෙනුවට ඉන්දීය පිලට ඇරයුම් කිරීමට සූදානම් බවයි.

ඉන්දියාව සමඟ ටෙස්ට් තරඟ 4 ක් එක්දින තරඟ 5 ක් සහ විස්සයි විස්ස තරඟ 3 ක් පැවැත්වීමටයි දකුණු අප්‍රිකාව සැලසුම් කර ඇත්තේ.

එම උත්සාහය සාර්ථක වුවහොත් ඉන්දියාව සහ පාකිස්ථානය අතර, පැවැත්වීමට නියමිත තරඟාවලිය ද අවලංගු කිරීමට සිදුවනු ඇති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top