Business

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා

පුත්තලම හා ගාල්ල සිමෙන්ති කර්මාන්ත ශාලා සඳහා නව ආයෝජන සිදු කිරිමට තායිලන්තය කැමැත්තෙන් ….
පුත්තලම හා ගාල්ල සිමෙන්ති කර්මාන්ත ශාලා සඳහා නව ආයෝජන සිදු කිරිමට තායිලන්තයේ ප්‍රධාන සිමෙන්ති නිෂ්පාදන ආයතනයක් වන ,සියාම් සිටි, ආයතනය කැමැත්ත පළ කරයි.
එහි ප්‍රධාන විධායක නිලධාරි Siva Mahasandana මහතා ඇතුළු ප්‍රධාන පෙළේ නිලධාරින් පිරිසක් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරිණි.
ශී්‍ර ලංකාව අද ලබා තිඛෙන ආර්ථීක වර්ධන වේගය මෙහිදී මෙම නියෝජිත පිරිසගේ ඇගයීමට ලක් වූ අතර ශී්‍ර ලංකාව අද ආයෝජන සඳහා ඉතා සුදුසු රටක් බවත්ඉ දිරියේදී ශී්‍ර ලංකාව තුළ තවත් ආයෝජන රැසක් සිදු කිරීමට තම සමාගම කැමැත්තෙන් සිටින බවත් ප්‍රකාශ කළේය.
ශී්‍ර ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිලිබඳ මෙහිදී ජනාධිපතිතුමා නියෝජිත පිරිස දීර්ඝ වශයෙන් දැනුවත් කළේය.
ශී්‍ර ලංකාවේ තායිලන්ත තානාපතිවරයා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටී ඇති බව ශ්‍රී ලන්කාවේ ආයෝජනය බිඳ වැටී බවට පුරසාරම් දොඩන බොහෝ පිරිසට මෙය නිසැකවම ලොකු කනේ පහරක් වනු ඇත. එයට හේතුව නම් බල ලෝභී කම මත වත්මන් රජය අස්ථාවර කිරීමට විවධ පාර්ශව දැරුවත් අප ජනපති මෛත්‍රීපාල සිරිසේන නම් චරිතය ශ්‍රී ලංකාවේ බිහිවූ බොහෝ පාලකයින්ට වඩා නිහතමානි හා ශක්තිවන්ත පුද්ගලයකු බවට සනාථ කිරීමට ශාක්ෂි අපමණ ඇත. මෙයද එයාට හොඳ උදාහරණයකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top