Local

ශ්‍රී ලංකාවේ බාල තෙල් කතාවේ ඉතිහාසය (Video)

උග්‍රව පවතින තෙල් අර්බුදය යන්තම් සමනය වෙමෙනි පවතී. අද රාත්‍රිය වන විට රටම බලාගෙන සිටි තෙල් නැව කොළඹ වරායට පැමිණෙනු ඇත ඉන් පසු තෙල් අර්බුදය පිළිඹඳව කතාව කාගේත් මතකයෙන් ඈත් වෙනු ඇත. අන්තර්ජාලයේ හා බුකියේ රජයට එහෙරෙහිව ගෙන ගිය ප්‍රචාරයන්ද නවතිනු ඇත. එවැනි තෙල් ඉතිහාසයක් අපට තිබු බව අමතක නැත.

පළමුවරට මෙරටට බාල තෙල් නැවක් ගෙන එන්නේ රාජපක්ෂ පාලන සාමයේ වර්ෂ 2011 ජූනි මාසයේය. එම බාල පෙට‍්‍රල් ගෙනඑනු ලැබුවේද ක්ෂණික කැඳවීමක් මතය. ඒ වන තුරාවට වසර 50 ක් වූ ඛනිජ තෙල් සංස්ථාව ඉතිහාසයේ බාල පෙට‍්‍රල් ගෙන්වීමක් පිළිබඳව වාර්තා නොවිණි. එයට හේතු වූයේ දෛනිකව, මාසිකව හා ඒ ඒ කාලයට අවශ්‍ය ඉන්ධන තොග පිළිබඳව සංස්ථාව අපූරුවට සැලසුම් කර ඒවා ගෙන්වීමට පියවර ගෙන තිබීමයි.

තොග සමාලෝචන රැස්වීම් එදා සති පතා පැවැත්විණි. ඛණිජ තෙල් සංස්ථාවේත්, ඛනිජ තෙල් තොග ගබඩා අංශයේත්, ඛනිජ තෙල් අමාත්‍යංශයේත් නිලධාරීන් එක්ව ඉන්ධන තොග පිළිබඳ සමාලෝචනය කරනු ලබති. තෙල් පිළිබඳ ප‍්‍රශ්නයක් ඇතිවූවා නම් ඒ ඉන්ධන පිරවුම් හලක ප‍්‍රශ්නයකි. එය සංස්ථාවට බලපානු ලබන ප‍්‍රශ්නයක් නොවීය. ක‍්‍රමවේදයට නොගැලපෙන යමක් සිදුවූවා නම් තෙල් පිරවුම් හලට සීල් තැබීම සිදු විය. ඉන්ධන ආනයනය කිරීමට පෙර කමිටු තුනක් රැුස්වේ. එනම් තෙල් සමාලෝචන කමිටුව, තාක්‍ෂණ ඇගයීම් කමිටුව හා ප‍්‍රසම්පාදන කමිටුව වශයෙනි. ප‍්‍රසම්පාදන කමිටු අවස්ථාව වන විට භාණ්ඩාගාරයේ හා ඛනිජ තෙල් අමාත්‍යාංශයේද නිලධාරීන් එක්වී රැස්වීම පැවැත්වෙයි. මේ සියලූ අවස්ථාවන්හිදීම නියමාකාරව ක‍්‍රියාකර ඉන්ධන ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවීම සිදු කෙරේ. තෙල් සංස්ථාවේ දූෂණ, වංචා ගැන විටින් විට සාකච්ඡා කෙරුණත් බාල ඉන්ධන ගෙන්වීම පිළිබඳ නම් ඉතිහාසය පුරා කිසිදු සටහනක් නොවීය. එහෙත් වර්ෂ 2011 ජූනි මාසයේදී බාල පෙට‍්‍රල් නිසා වාහන මග නතරවීම සිදුවිණි. එම වාහනවලට අලාභ ගෙවීමද සිදු වුණි. ගෙවු වන්දි මුදල් ප‍්‍රමාණය රුපියල් දෙකෝටි විසිලක්‍ෂයක් බව සඳහන්වේ. එම බාල පෙට‍්‍රල් ගණුදෙනුවෙන් සිදුවූ පාඩුව දළ වශයෙන් රුපියල් කෝටි 49ක් බව ඛනිජ තෙල් සංවර්ධන ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පත් කරන ලද නිරීක්‍ෂණ කමිටු වාර්තා කර තිබූ බව සඳහන්වේ.

මේ ඒ පිළිඹඳව වාර්තාවූ මාධ්‍ය ආවර්නයකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top