World

ශ්‍රී ලංකා තේවලට රුසියාව පනවා ඇති තහනම කඩිනමින් ඉවත් කරනු ඇති බවට රුසියාවේ මෙරට තානාපතිගෙන් පණිවුඩයක් (Video)

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන තේ සඳහා රුසියාව විසින් අද (18) දා සිට තාවකාලික තහනමක්දමා ඇති බව වාර්තා වනවා. මේ පිළිඹඳව අදහස් දැක්වූ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ රුසියානු රජය මෙම තීරණය රැගෙන ඇත්තේ පසුගිය සතියේ ශ්‍රී ලංකාවෙන් අපනයන කරන ලද තේ කිලෝ 18000ක් පරික්ෂා කිරීමේදී මීට කලකට ප්‍රථම රුසියාවට දැඩි ලෙස ආර්ථික හානියක් ඇතිකළ කෘමියකු තේ වල සිටීම හේතුවෙන් මෙම තහනම ක්‍රියාත්මක කර ඇති බවයි.

කෙසේ වෙතත් තානාපති වරයා ප්‍රකාශ කර සිටියේ මේ පිළිඹඳව රුසියානු රජය සමග සාකජ්ජා කරන බවත් නොදුරේම මෙම වාරණය ඉවත්කරගැනීමට කටයුතු කරන බවත්ය.

රුසියාවේ මෙරට තානාපති ආචාර්ය සමන් වීරසිංහ විසින් කළ ප්‍රකාශයේ දර්ශන මෙතැනින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top