Sports

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් තරගයේ තීරණාත්මක දිනය අදයි (Video)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම South Africa v Sri Lanka අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පස්වන සහ අවසන් දිනය අදයි.

මෙම තරගයේ සිව්වැනි දිනය වන ඊයේ දිනය නිමාවට පත්වන විට පිළිතුරු දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 240ක් රැස්කරගෙන සිටියා.

දිනය නිමාවට පත්වන විට නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 58ක් සහ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 9ක් රැස්කරගෙන සිටියා.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලුදෙනා දැවී ලකුණු 286ක් රැස්කර ගත් අතර පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට රැසකර ගැනීමට හැකි වුයේ ලකුණු 205ක් පමණයි.

අනතුරුව දෙවැනි ඉනි ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානුවන් කඩුළු 6ක් දැවී ලකුණු 406ක් රැස්කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීම තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කිරීම සදහා ලැබුනු අභියෝග ලකුණු 488ක්.

එම ලකුණු සංඛ්‍යාවෙන් ලකුණු 240ක් රැස්කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනය තුළ ලබාගැනීමට ඇත්තේ ලකුණු 248ක් පමණයි.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම අතැතිව ඇත්තේ තවත් කඩුළු 5ක් පමණයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top