Political

ශ්‍රී.ල.නි.ප සහ එ.ජ.නි.සන්ධානයේ විජග්‍රාහී අවසන් ජන රැළිය ජනපති ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී (Video/Photos)

2018 පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා පැවති සාර්ථක ජනරැළි මාලාවේ අවසන් විජග්‍රාහී ජන රැළිය අද (07) පස්වරුවේ පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් කදුරුවෙල නගරයේ දී පැවැත්විණි.

එහිදි ජනාධිපතිතුමාට එම ජනතාවගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍ය දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, වීරකුමාර දිසානායක, අනුරුද්ධ පොල්ගම්පොල, චන්ද්‍රසිරි සූරියආරච්චි යන මහත්වරුන් ඇතුථ මහජන නියෝජිතයින් රැසක් මෙම ජනහමුවට එක්ව සිටියහ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top