Sports

ශෙහාන් ජයසූරිය – චරිත් අසලංකගේ සටන්කාමී ඉනිම ශ්‍රී ලංකාවට ජයගෙනෙයි

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර ජැමෙයිකා සබීන් පාක්හීදී පැවැති පළමු නිල නොවන එක්දින තරගය කඩුලු 02කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.

පළමු තරගයේ කාසිය වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුනු 67ක සම්බන්ධතාවයක් පැවැත්වීමටට මොන්ට්සින් හෝජ් හා ජෝන් කැම්ප්බෙල් සමත් වු අතර 19වැනි පන්දුවාරයේ ක‍්‍රියාත්මක වු මාලින්ද පුෂ්පකුමාර එම සම්බන්ධතාවයට තිත තැතීමට සමත් විය.

ඉන් අනතුරුව ක‍්‍රියාත්මක වු වමත් දග පන්දු යවන ක‍්‍රිඩක අමිල අපෝන්සු හා වේග පන්දු යවන ක‍්‍රිඩක ළහිරු කුමාර කොදෙව් මැද පෙළ පිතිකරුවන් අසරණ කරමින් කොදෙව් ඉනිම ලකුණු 176කට සීමා කිරීමට සමත් විය.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දු 69කදී හතරේ පහර 04ක් හා හයේ පහරක් සමග් ලකුනු 54ක් රැස්කිරීමට ආරම්භක පිතිකරු හෝජ් සමත් වු අතර රකීම් කොන්වල් ලකුණු 37ක් ලබා ගැනීමට සමත් විය.

අමිල අපොන්සු හා ළහිරු කුමාර කඩුලු 03 බැගින් බිද හෙළිමට සමත් වු අතර චාමික කරුණාරත්න හා මාලින්ද පුෂ්පකුමාර කඩුලු 02බැගින් බිද හෙළුහ.

ලකුණු 177ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුන් 05 දෙනෙකු ලකුණු 83ක් තුළ දවා ගැනීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වු අතර ඉන් අනතුරුව උපනායක චරිත් අසලංක හා තුන් ඉරියව් ක‍්‍රීඩක ශෙහාන් ජයසූරිය දිගු වේලාවක් පිටියේ රැදී සිටිමින් ශ්‍රී ලංකාව ජයග‍්‍රහණයේ මාවතට රැගෙන ගියේය.

එහිදී අසලංක ලකුණු 33ක් ලබා ගත් අතර ශේහාන් ජයසුරිය නොදැවී ලකුණු 31ක් ලබා ගත්හ.

ඒ අනුව තරග තුනකින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංක ‘ඒ’ කණ්ඩායම ඉදිරියෙන් පසුවන අතර දෙවැනි තරගය හෙට(03) ආරම්බ වීමට නියමිතයි.

කොදෙව් ‘ඒ’ ඉනිම – සියලු දෙනා දැවි ලකුනු 176 (පන්දුවාර 48.4) මොන්ට්සින් හොජ් 54,රකීම් කෝන්වල් 37, ලහිරු කුමාර 3 /26, අමිල අපොන්සු 3 /34, මාලින්ද පුෂ්පකුමාර 2 /35, චාමික කරුණාරත්න 2 /36

ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම – 181 /8 (පන්දුවාර 48) චරිත් අසලංක 33,ශෙහාන් ජයසූරිය නොදැවී 31,නිපුන් කරුණානායක 24,ශෙල්ඩන් කොට්රල් 3 /35 රකීම් කොන්වල් 2/40

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top