Business

සිංගර් සමාගමේ අයිතිය වෙනස් වෙයි – බිලියන 10ක් ගෙවූ මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා! (Video)

සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි 61.73% ක කොටස් අයිතිය අද (15) පෙරවරුවේ දී මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා බහුතර කොටස් අයිතිය දරනු ලබන හේලීස් පීඑල්සී විසින් මිල දී ගනු ලැබීය.

මේ සඳහා හේලීස් පීඑල්සී විසින් එක් කොටසකට රු. 47.00 බැගින් ගෙවනු ලැබූ අතර මිල දී ගත් කොටස් ප්‍රමාණය 231,864,362 කි.

මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 10.89 කි (10,897,625,014.00).

මේ අනුව සිංගර් සමාගමේ බහුතර කොටස් මිලදී ගත් ලංකාවේ ධනවත්ම පුද්ගලයා වන ධම්මික පෙරේරාට අයත් තම සමාගම් ගොන්නට මෙරට තවත් සුවිසල් සමාගමක හිමිකාරිත්වය හිමි වීම සුවිසේෂි කරුණක් වනු ඇත.

ලංකාවේ ප්‍රකොටිපතියකු ලෙස ධම්මික පෙරේරා ආ ගමන්මග පිළිබඳව ඔහු කල කතාවක් පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top