Sports

සිංහයන් ඉදිරියේ පාකිස්ථානය අසරණ වෙයි. ශ්‍රී ලංකාව තරඟාවලිය 2 – 0 ලෙස ජයගනී….! (Photos)

පාකිස්ථානය පරදා ශ්‍රී ලංකා පිල දෙවන ටෙස්ට් තරඟය ලකුණු කින් ජයගැනීමට සමත්වුණි. අවසන් දිනය වූ අද දින ආරම්භ වීමේදී පාකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 120 ක් ලබාගැනීමට තිබුනේ කඩුලු 5ක් අතැතිවය. එම අවස්ථාවේ පිටියේ රැඳී සිටියේ පාකිස්ථාන ප්‍රභල පිතිකරුවන් දෙදෙනෙකු වූ අසාඩ් ශෆික් සහ සරෆරාස් අහමඩ් ය.

නමුත් අගනා පන්දු යැවීමක නිරතවූ දිල්රුවන් පෙරේරා ලකුණු 98 කට කඩුලු 5ක් දවාගනිමින් පාකිස්තාන ඉනිම ලකුණු 248 කට සිමා කිරීමට සමත් විය.

තම මංගල ටෙස්ට් තරඟය ක්‍රීඩා කල ගමගේ කඩුලු තුනක් දවාගනිමද විශේෂත්වයකි. තවද ශ්‍රී ලංකා පාකිස්ථාන දෙවන ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පිල ජයගැනීමට මුලික වූ ඉනිමක් ලෙස කරුණාරත්න රැස් කල ලකුණු 196 ඉතිහාසගත වනු ඇත.

මේ අනුව තරඟ දෙකකින් සමන්විත වූ ශ්‍රී ලංකා පාකිස්ථාන ටෙස්ට් තරඟාවලියේ ජය 2 – 0 ලෙස ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කිරීමට හැකිවුයේ, ඉන්දියාවට් එරහිව 9 – 0 ක පාරජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නව ජීවයක් එක් කරමිනි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top