Sports

සිංහයන් යළිත් ක්‍රිකට් පිටියට චමත්කාරය ‍ගෙනා වගයි- පළමු සටනේ ජය පැන් බිව්වේ මෙලෙසයි (Video)

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථානු කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ඉතා තියුණු ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුලු මොහොතකට පෙර සමත් වුණා.

ශ්‍රී ලංකා පිළ දෙවන ඉනිමේ රැස් කළ ලකුණු 138ත් සමගින් ලකුණු 136 ජයග්‍රාහී ඉලක්කයක් පාකිස්ථානු කණ්ඩායමට හිමිවුණා.

කෙසේ වෙතත් පාකිස්ථානු කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 114ක් පමණයි.

මෙහිදී තවත් කඩඉමක් පසුකිරීමට සුපිරි ක්‍රීඩක රංගන හේරත් සමත් වුණා.ඒ ලොව ටෙස්ට් පිටියේ කඩුලු 400ක් දවාගත් පළමු වමත් දඟ පන්දු යවන්නා වීමයි.එමෙන්ම පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව ටෙස්ට් කඩුලු 100ක් දවා ගැනීමටද හේරත් මෙහිදී සමත් වුණා එවැනි දස්කමක් කළ පළමුවැන්නා රංගන හේරත් වනවා.

ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා ගෙන ගිය හේරත් මේ තරඟයේදී කඩුලු 10ක්ද දවා ගැනීමට සමත් වුණා.

තරඟයේ පළමුවට පන්දුවට පහරදුන් ශ්‍රීලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 419ක් රැස්කළ අතර නායකත්වය ඉනිමක් ක්‍රීඩා කළ නායක දිනේෂ් චන්දිමාල්ගේ සුපිරි පිතිකරණය එහිදී කැපී පෙනුනා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top