Sports

සිංහයෝ දකුණු අප්‍රිකාවට වැඩ පෙන්නන ලකුණු

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ දකුණු අප්‍රිකාවේ සෙන්වස් පාක්හිදී පැවැති තෙදින පුහුණු තරගයේ පළමු දිනය නිමාවට පත්වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06කට ලකුණු 328ක් ලබා සිටියේය.

දකුණු අප්‍රිකානු ආරාධිත පිලට එරෙහිව ආරම්භ කළ මෙම තෙදින තරගයේ කාසියේ වාසිය දිනාගත් ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර දිමුත් කරුණාරත්න හා කෞෂාල් සිල්වා යන දෙදෙනාගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 159ක් විය. ඔවුන් විසින්ම විශ්‍රාම ගෙන දැවී යෑමට 45 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී තීරණය කරන ලද විට කරුණාරත්න ලකුණු 71ක්ද කෞෂාල් ලකුණු 80ක්ද ලබා සිටියේය. ඉන් පසුව අංක 3 පිතිකරුවා ලෙස දිල්රුවන් පෙරේරාත් ඉන් පසුව කුසල් මෙන්ඩිස්ද පැමිණ මුළු ලකුණු සංඛ්‍යාව 218ක් වෙද්දී ලින්ඩේගේ පන්දුවට මැක්‍රම් අතට උඩ පන්දුවක් දීමෙන් දිල්රුවන් ලකුණු 25කට දැවී ගියේය.

පසුව කුසල් මෙන්ඩිස්ට එකතු වූ නායක මැතිව්ස්ට මිනිත්තු 11කට වඩා විකට්ටුවේ සිටීමට වමත් පාදඟ පන්දු යවන ජෝර්ජ් ලින්ඩේ ඉඩ දුන්නේ නැත. කඩුලු රකින මොසේලි අතට උඩපන්දුවක් දීමෙන් මැතිව්ස් ලකුණු නොලබාම දැවී යෑමත් සමඟ මෙන්ඩිස් – මැතිව්ස් ලකුණු 11ක සබඳතාවද කෙළවර විය. ලකුණු පුවරුවට තවත් ලකුණු 8ක් එක්වද්දී අර්ධ ශතකයක් (51) ලබා සිටි මෙන්ඩිස්ද 5 වැනි කඩුල්ල ලෙස දැවී ගියේය. එම කඩුල්ල වේග පන්දු යවන ජේසන් ස්මිත්ට හිමිවූ අතර පසුව දිනේෂ් චන්දිමාල්ට එක්වූ ධනංජය ද සිල්වා දෙදෙනාගේ 6 වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 78ක් විය. පන්දු 45කින් අර්ධ ශතකයක් වාර්තා කළ ධනංජය නොදැවී ලකුණ ු57ක් ලබා සිටින අතර චන්දිමාල් ලකුණු 23ක් ලබාගත්තේය. තවද කිසිදු ටෙස්ට් ක්‍රීඩකයකු දකුණු අප්‍රිකානු ආරාධිත පිලට ඇතුළත් නොවීමද විශේෂත්වයකි. ශ්‍රී ලංකා පිල (පන්දුවාර 87කදී
කඩුලු – 6කට) 328

දිමුත් කරුණාරත්න 71 කෞෂාල් සිල්වා 80
කුසල් මෙන්ඩිස් 51 ධනංජයද සිල්වා නොදැවී 57, උපුල් තරංග නොදැවී 08
ජෝර්ජ් ලින්ඩේ 72/2 ජේසන් ස්මිත් 26/1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top