Sports

සිම්බාබ්වේ අසරණ තත්වයක, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ සහභාගි වන තෙවන තරගය සජීවීව නරබන්න (LIVE)

බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර ඩකාහිදි අද (21 වැනිදා) පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් සිටින සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 10 ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු රැස්කිරීමට හැකිවූයේ ලකුණු 44 ක් පමණි. සොලමන් මීරේ ලකුණු 14 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින්නේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ දැඩි අපහසුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ආරම්භක පිතිකරු හැමිල්ටන් මසකඞ්සා ලකුණු 20 කට දවාගැනීමට තිසර පෙරේරා සමත්විය.

පළමුව පන්දුවට පහරදීමට අපි තීරණය කළා. අවසන් තරග දෙක හොදින් අධ්‍යයනය කළ අතර හවස් කාළයේදී පන්දුවට පහරදිමට අපහසු යැයි කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව සිම්බාබ්වේ කණ්ඩායමේ නායක ග්‍රේඒම් ක්‍රීමර් පැවසීය.

තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට අද තරගය ජයගත යුතු වෙනවා. පසුගිය තරගයෙන් කිසිදෙයක් අපි ලබානොගත්තද අද තරගය ජයගැනීමට සැලසුමක් පවතින බව කාසියේ වාසිය පරාජයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.

තරගාවලියේ ශ්‍රී ලංකාව සමගින් පැවැති දෙවැනි තරගයේදී ජයගත් සිම්බාබ්වේ කණ්ඩායමේ වෙනස්කම් සිදුනොකරමින් එම කණ්ඩායමම අද තරගයට ක්‍රීඩා කරන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකරමින් වනිඳු හසරංග වෙනුවට චයිනමන් පන්දුයවන ලක්ෂාන් සඳකැන් කණ්ඩායමට කැඳවා ඇත.

නිත්‍ය නායක ලෙස තරගාවලිය සදහා නම් කළ ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලයෙන් ඉවත්වී මව්බිම බලා ඒමට නියමිතව ඇති අතර ඉතිරි තරග සදහා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල්ට හිමිවිය.

කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායමේ නායක ග්‍රේඒම් ක්‍රීමර් පළමුව පන්දුට පහරදීමට තීරණය කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top