Science

සී ලෑන්ඩ් දූපතේ අබිරහස් හිස්කබල

ඩෙන්මාර්කයේ බටහිර මුහුදු තීරයට ආසන්නව තිබෙන සී. ලෑන්ඩ් දූපතට අයත් Olstykke නම් වූ නගරයේ තිබී අද්භූත යමක් සොයාගෙන තිබෙන්නේ 2007 වසරේදීය. මෙසේ සොයාගනු ලැබුවේ යම් හිස්කබලකි.

එය පළමුව අශ්වයකුට අයත් අස්ථියක් ලෙස ඉවත දමා තිබූ අතර පසුව මෙය මිනිස් හිස්කබලට සමාන බවට හඳුනාගෙන තිබෙනවා. නමුත් මෙය මානව රූපයකට අදාළතාවක් පෙන්නුවත් එහි තිබෙන අස්වාභාවික හැඩය සහ අක්ෂි කුහර නිසා විශාල ගැටලු පැනනැඟුණා.

මෙම හිස් කබලේ වයස ක්‍රිස්තු වර්ෂ 1200-1800 දුරකට දිවයන අතර මෙම ජීවී විශේෂය අඩු ආලෝක තත්ත්වයක් හෝ නිශාචර තත්ත්වයක් යටතේ ජීවත් වූ බවට විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා හිස් කබලේ මතුපිට ඉතා මටසිලිටුව පවතින අතර සම්පූර්ණ හිස්කබලම කිසිදු අඩුවක් නොමැතිවද දක්නට ලැබෙනවා.

සාමාන්‍ය මිනිස් හිස්කබලකට වඩා 1.5 පමණ විශාල සිනිඳු මතුපිටක් ඇති අතර එම නිසා මෙම පුද්ගලයා ශීතල පරිසරයක ජීවත් වූ බවටද විද්‍යාඥවරු මත පළ කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top