Sports

සුපිරි සනත් ජයසූරියගේ වාර්තාව ‘තමීම් ඉක්බාල්’ බිඳ දමයි..! (Photos)

තුන්කොන් තරගාවලියේ බංගලාදේශ කණ්ඩායම හා සිම්බාබ්වේ කන්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදෙන බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 35ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුනු 147ක් ලබා සිටියි.

නොදැවී පන්දුවට පහරදෙන තමීම් ඉක්බාල් හතරේ පහර 05ක් සමගින් ලකුනු 66ක්ද රියාද් මොහොමදුල්ලා ලකුණු නෙලබාද කඩුල්ලේ රැුදී සිටියි.

නැවත වරක් බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් මෙම තරගාවලියේ නොකඩවා ලබාගත් තෙවැනි අර්ධ ශතකය වාර්තා කිරීමට තමීම් ඉක්බාල් සමත් විය.

තමීම් රැස් කළ එම ලකුණු සංඛ්‍යාවත් සමගම එක් ක්‍රිඩාංගනයක් තුළ වැඩිම එක්දින ජාත්‍යන්තර ලැබු පිතිකරුවා ලෙසද තමීම් වාර්තා පොත් අතරට එක්විය.

ශ්‍රී ලංකාවෙන් බිහිවු ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු සනත් ජයසූරිය ආර් ප්‍රේමදාස පිටියේදී තරග 71කදී ලකුණු 2514 රැස් කරමින් එම වාර්තාවට මීට පෙර හිමිකම් කී අතර තමීම් මීර්පුර්හි ශරියා බංග්ලා ක්‍රිඩාංගනයේදී තරග 74කදී එම සිමාව පසුකර ගියහ.

ආරම්භක කඩුල්ල ලකුණු 06ක් එක්වෙද්දී දැවී ගිය පසු සකීබ් අල් හසන් සමග එක්වු තමීම් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුනු 106ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වු අතර සකීබ් අල් හසන් ස්ථාවර ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 80කදි හතරේ පහර 06ක් සමගින් ලකුනු 51ක් රැස් කරගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී සිකන්දර් රාසා හා කේල් ජාවේස් හා ක්‍රීමර් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්විය.

බංගලාදේශ කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කර ඇති අතර ශ්‍රී ලංකාව සමග පැවැති තරගයේ ක්‍රීඩාකළ සයිෆුඩීන් වෙනුවට වමත් දග පන්දු යවන ක්‍රීඩක සන්සමුල් ඉස්ලාම් කන්ඩායම කැදවා ඇත.

සිම්බාබ්වේ කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදු කර නොමැති අතර ශ්‍රි ලංකා කණ්ඩායම සමග පැවැති තරගයේ ක්‍රීඩා කළ කණ්ඩායමම ක්‍රීඩා කරනු ලබයි

අද තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ජය වාර්තා කළහොත් අවසන් තරගය සදහා සුදුසුකම් ලැබීමට නම් ශ්‍රි ලංකා කණ්ඩායමට බංගලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරගය විශාල ලකුණු පරතරයකින් ජයගත යුතුව ඇත.

අද තරගයට ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම්

Zimbabwe (Playing XI): Hamilton Masakadza, Solomon Mire, Craig Ervine, Brendan Taylor(w), Sikandar Raza, Peter Moor, Malcolm Waller, Graeme Cremer(c), Kyle Jarvis, Tendai Chatara, Blessing Muzarabani

Bangladesh (Playing XI): Tamim Iqbal, Anamul Haque, Shakib Al Hasan, Mushfiqur Rahim(w), Mahmudullah, Sabbir Rahman, Nasir Hossain, Mashrafe Mortaza(c), Rubel Hossain, Mustafizur Rahman, Sunzamul Islam

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top