Sports

සුපිරි හයකින් ශතකය ලබා කුසල් මෙන්ඩිස් 23වන උපන්දිනය සැමරුවේ මෙලෙසයි (Video)

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සිව්වන ශතකය රැස් කිරීමට යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස් මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් තරඟයේදීයි. ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්ගේ ඉනිමට හතරේ පහර 10ක් හා හයේ පහරක් අන්තර්ගත වුණා.

කුසල් මෙන්ඩිස්ගේ 23 වන උපන්දිනය අදට යෙදී තිබීමද විශේෂත්වයක්.

බංගලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 513ට පිළිතුරු වශයෙන් මේ වන විට ශ්‍රී ලංකා කන්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුනූ 237ක් ලබාගෙන සිටිනවා.

ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරඟයේ දෙවන දිනයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top