Political

“සුරක්ෂා” රක්ෂණ ක්‍රමය හදුන්වාදීමේ ජාතික උත්සවය…

“සුරක්ෂා” රක්ෂණ ක්‍රමය හදුන්වාදීමේ ජාතික උත්සවය අද (02) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ශ්‍රී ලාංකේය පාසල් ශිෂ්‍ය ප්‍රජාව උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නොමිලේ පිදෙන වෛද්‍ය හා පුද්ගල හදිසි අනතුරු රක්ෂණ ක්‍රමයක් වන සුරක්ෂා රක්ෂණාවරණය, සදා සුරකිමු දැයේ දරුවන්, තේමාව යටතේ ක්‍රියාවට නංවා තිබේ.

රක්ෂණාවරණය පිරිනැමීම සංකේතවත් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලා කිහිපනමක් වෙත සහ පාසල් සිසුන් කිහිප දෙනෙකු වෙත රක්ෂණාවරණය පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය, අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, කබීර් හෂීම්, වජිර අබේවර්ධන, රවුෆ් හකීම්, රවී කරුණානායක, දයා ගමගේ සරත් ෆොන්සේකා, රාජ්‍ය අමාත්‍ය පී. රාධක්‍රිෂ්නන්, රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරින් ද විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top