Educational

සොබාදහම පරිසරය සහ අපි

ඉර, හඳ, අහස, මහපොළොව, මහා සමුද්‍රය, සොබාදහමේ මූලිකයෝය. මෙකී සොබාදහම තුළ ගොඩනැගෙන සියල්ල පරිසර පද්ධතීන්ය. එකී පරිසරය තුළින් මිනිසාට සහ සතා සිව්පාවන්ට ලබාදෙන්නේ ජීවයයි. මිනිසා සතා සිව්පාවා සොබාදහම සහ පරිසරයම උපයෝගී කරගෙන බිහිවීම පැවැතීම, විනාශ වීම සිදුවන්නේ සොබාදහමේ නීති රීතීන්වලට අනුකූලවය.

11163843

මේ ආකාරයට සොබාදම ක්‍රියාත්මක වීමේදී පරිසරයේ සිදුවන විවිධ ක්‍රියාකාරකම් මිනිසාගේ පැවැත්මට ද බොහෝ ඉවහල් වේ. එහෙත් මිනිසා විසින් සොබාදහම පිළිගත යුතු වුවත් සමහර මිනිසුන් විසින් සොබාදහමට විරුද්ධ වීමට ගන්නා උත්සාහයේදී තමන් මෙන්ම අනුන්ද හානියට පමුණුවන අවස්‌ථා එමටය.

බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයටම ධර්මය දේශනා කළේ සොබාදහමේ ක්‍රියාවලියන්ද සමාන කරමින්ය. එනිසා උන්වහන්සේ උත්පාද – ඨිති – භංග යන දහම ලෝකයට දේශනා කළේ ඇතිවීම, පැවැතීම, විනාශවීම ස්‌වභාවික සිද්ධියක්‌ නිසාය. නමුත් බොහෝ මිනිසුන්ට සොබාදහම සහ පරිසරයේ න්‍යායයන් සහ පණිවිඩයන් ලබා ගැනීමට නොහැක. ඒ සොබාදහමට පරිසරයට ආදරය නොකරන අවධානය යොමු නොකරන අයවලුන්ය. ඒ එම පුද්ගලයා වෙනත් විෂයක්‌ කෙරෙහි ගොඩනගා ගනු ලබන ප්‍රතිරූප තත්ත්වයන් නිසාය. එසේ ගොඩනගනු ලබන ප්‍රතිරූප තුළ ජීවත් වන මිනිසාට සොබාදහම සහ පරිසරය පිළිබඳ කිසිදු වටිනාකමක්‌ නැත.

කඳු, හෙල්, ගංඟා, මිටියාවත්, ඇල, දොල, ගස්‌, වැල්, පර්වත සහ සතා සිව්පාවා පරිසරයේ දායාදයන්ය. ඒ අතර අවේතනික වූ ගස්‌ වැල් ආදිය මිනිසා සහ සතා සිව්පාවා කෙරෙහි මහත් අනුකම්පාවකින් ක්‍රියා කරන හැසිරෙන ආකාරය සමහර මිනිසුන්ට නොපෙනේ. ගසක්‌ වැලක්‌ හටගන්නා නිසා කුසගිනි නිවාගන්නා සත්වයෝ බොහෝය. තවද උන්ගේ ඉඳුම් හිටුම් සහ නිදහස ආරක්‍ෂාව සපයන්නේද ගස්‌ වැල් මුල්කරගත් වනාන්තරයයි. ගසක්‌, වැලක්‌ මුල්කරගෙන ජීවත් වෙන සත්වයා ඒ ගහට වැලට ගරු බුහුමන් දක්‌වන්නේ නම් මැනවී. එහෙත් තිරිසන් සත්වයන්ට ඒ පිළිබඳ අවබෝධයක්‌ නැත. ඒ උන්ගේ හැටිය.

එහෙත් මිනිසාට බුද්ධිය උපයෝගි කරගනිමින් යම් කිසි තීරණයන්ට එළඹීමට ඇති අවස්‌ථා එමටය. එම නිසා බුද්ධිය සහ විමසිල්ල ඇති මිනිසා ගහ කොළ පිළිබඳ තමන්ගේ සානුකම්පිත අවධානය යොමු කළ යුතුය. ගස්‌ වැල් මූලික කරගෙන කොතෙක්‌නම් මිනිසා ආහාර සපයා ගනු ලබයිද? එසේම, ලෙඩට දුකට අවශ්‍ය ඖෂධ වර්ග සොයාගනු ලබන්නේද ගස්‌ වැල් ආශ්‍රය කරමින්ය. සිත පහදා ගැනීමට සිත සනසා ගැනීමට වනාන්තරයේ ගහ – කොළ පමණ සුදුසු ස්‌ථානයක්‌ තවත් කොයින්ද. අපි ලබාගන්නා පිරිසිදු හුස්‌ම පොද අපට දෙන්නේද. අපි පිටකරන විෂ සහිත හුස්‌ම පොද පිරිසිදු කරදෙන්නේද ගස්‌වැල් බව අමතක නොකරමු. මහපොළොව, ඇලවේලි, වැව්, ගංඟා ඉවුරු සහ කඳු ආරක්‍ෂා කිරීමට අනන්තවත් ගස්‌වැල් සහයෝගය ලබාදෙන අතර මහපොළව සාරවත් කිරීමටද ආරක්‍ෂා කිරීමටද ගස්‌වැල් වලින් ලැබෙන අනුග්‍රහය පිළිබඳ සෑම මිනිසෙකුම නැවත නැවත සිතා බැලිය යුතුය. වර්ෂාව, ජලය, සෙවන, ශාන්තිය ලබා දෙන ගස්‌වැල්වලට අසාධාරණ ලෙස හානි කරන්නන් විනාශ කරන්නන් නරුමයන් හැටියට හැදින්වීම නිවැරදිය.

යම් ගසක, වැලක ගෙඩි, මල්, කරල් හටගැනීමේදී පළමු අයිතිය ලැබෙන්නේ වනන්තරයේ නිදහස්‌ සතුන්ටය. කුරුල්ලන්, ලේනුන් ආදී සතුන්ද මී මැස්‌සා, බඹරා, දෙබරා, සමනළයා ආදී සතුන් මූලිකව ආහාර සපයා ගන්නේ ගස්‌ වැල් වලිනි. මලට ඇදෙන මීමැසි, බඹර දෙබර, සමනළ ආදී සතුන් මගින් බවභෝග පරාගනයට මහත් රුකුලක්‌ ලබාදෙන බව ඔබ අසා ඇත. ඒ අතර වනාන්තරයේ ගස්‌ වැල්වල චාරිත්‍ර ධර්ම පිළිබඳ ඔබගේ අවධානය යොමු කරනු මැනවි, එය පුදුමාකාර සොභාවික ක්‍රියාවකි. ගසේ, වැලේ ගෙඩි හටගන්නේ සතුන්ට ආහාර ලබාදීමට සහ තමන්ගේ ප්‍රජාව බෝ කිරීමටය. වරක්‌ හටගත් ගෙඩි කරල් ඵලදාව තවත් කාල චක්‍රයකදී වරණු ලබයි. නමුත් යම් ගසක වැලක ඒ ආකාරයයේ කාල චක්‍රයට ගෙඩි, කරල්, මල් වරන විට එකී යුතුකම ස්‌ව කැමැත්තෙන් තවත් ගසක්‌ භාරගනී. උදාහරණයක්‌ හැටියට පොසොන් ඇසල මාසවල හටගන්නා වීර, පලු, කෝන්, මොර ආදිය වරන විට ඊළඟ වතාවේ සියඹලා, මාදන්, දිවුල්, බොරදමුණ ආදී ගෙඩි හටගන්නා වග අවධාරණය කරමි. ගෙඩි, මල්, කරල් වනාන්තරයේ නොමැති කාලයේදී මහපොළොව යට දී අල ගබඩා කර තවත් සතුන්ට ආහාර සපයා දීම ප්‍රශන්සනීයයි. ගසේ ඵලදාව, දල්ල, අලය විවිධ සතුන්හට ආහාරය සඳහා ලබා දෙන්නේ මැසිවිල්ලකින් තොරවය.

ඒ අතර සද්දන්තයාගේ සිට කුඩා කුරු කුහුඹුවා දක්‌වා සතුන්ට සෙවන සහ ආරක්‍ෂාව ලබාදීමට ගල් වැල් නිතරම සුදානමින් සිටියි. සමහර සතුන්ට ලැගුම්පොළ, නිවහන – කූඩුව සකසා ගැනීමට තමන්නේ කොළ, අතු, දෙබල් පරිත්‍යාග කරන අතර තව සත්ව පිරිසකට දිරාගිය බෙන සහිත තමන්ගේ ශරීරයේ ඉඩකඩ ලබාදීමට තරම් ගස්‌ වැල් කරුණාවන්ත වන වග දැනගත යුතුය.

එසේම තමන්ගේ සෙවන යට ඕනෑම සතෙකුට සෙවන ලබාගැනීමට ඉඩදෙන අතර සමහර සතුන්ට තමන්ගේ මූල පද්ධතියේ ඉඩකඩ ලබා දෙන්නේද නොමිලේමය. දීර්ඝ කාලීනව, අර්ධ කාලීනව, තාවකාලීකව ආදී ඕනෑම ආකාරයකට සෙවන ලබාදීමට ගස්‌ වැල් කාරුණිකව ඉදිරිපත් වේ. බුදුන් වහන්සේ දේශනා කර ඇති පරිදි ගල්වැල් තමන්ගේ අතු රිකිලි කඩා දමන්නාට පවා සෙවණ ලබා දේ.

මතු සම්බන්ධයි
සියඹලන්ගමුවේ ජිනරතන හිමි
www.divaina.com

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top