Political

සෝභිත හිමි ගුණසමරුවේදී ආණ්ඩුවටම රත් වෙන්න මෛත්‍රිගෙන් කතාවක්! (Video)

“විපක්ෂයෙන් ගහන ඒවට මට මුහුණ දෙන්න පුළුවන්. ආණ්ඩුවෙන් ගහන ඒවටත් මට මුහුණ දෙන්න පුළුවන්. නමුත් ආණ්ඩුවෙන් කොටසක් මට ගහනවා නම් සෝභිත හිමි බලාපොරොත්තු වූ අරමුණ ඉෂ්ට කිරීමට විරුද්ධවයි ඒ ගැහිල්ල ගහන්නේ”

මෙසේ කියන්නේ රාජ්‍ය නායකයා වන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතායි.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී සිදුවූ අක්‍රමිකතාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සුදුසු අවස්ථාවේදී මම ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීම නිසා ආණ්ඩුවේ සුළු පිරිසක් මට විරුද්ධව පහර දෙනවායිද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

මහ බැංකු සිද්ධියට ජනාධිපති කොමිසමක් පත්කිරීම හේතුවෙන් ආණ්ඩුවේම සුළු පිරිසක් ෆේස්බුක් වෙබ් සයිට් හා සති අන්ත පුවත්පත්වලට මුදල් වියදම් කරමින් මට චෝදනා කරනවා. ලංකාවෙන් පිට තියෙන මාධ්‍ය ආයතන සල්ලි දීලා අල්ලගෙන වියදම් කරලා ආණ්ඩුවේම සමහර අය මට ගහනවා” යිද ජනාධිපතිවරයා අනාවරණය කරයි.

ජනාධිපතිවරයා මෙසේද කියයි.

“ජනවාරි 8දා ලැබූ ජයග්‍රහණයත් සමඟ යහපාලන ආණ්ඩුව පිහිටුවා මාස 03කට පසුව මහ බැංකු විනාශය සිදුවුණේ. ඊට වගකිව යුත්තන් වගකිව යුතුයි.”

“මං මේ කිසි තනතුරකට ආස මිනිහෙක් නෙවෙයි. මං ආවා වගේම යන්නයි ආවේ. යන්න මිසක් ඉන්න ආවේ නෑ. හැබැයි මං කරන වැඩේ හරියට කරන්න මට සහාය ඕනෑ.”

සෝභිත හිමියන් බලාපොරොත්තු වූ සාධාරණ සමාජයක් සඳහා වූ අරමුණ ඉටු කිරීම අප සියලු දෙනාගේම වගකීම සහ ප්‍රතිපත්තිය විය යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේ අපවත් වී වදාළ සෝභිත ස්වාමීන් වහන්සේගේ දෙවැනි ගුණ සැමරුම වෙනුවෙන් ඊයේ (08දා) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැති උත්සවය ආමන්ත්‍රණය කරමිනි.

එහිදී ජනාධිපතිතුමන් කල සම්පුර්ණ කතාව පහතින් නරඹන්න….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top