Sports

හතුරුසිංහ වැඩ අරබයි “මෙන්ඩිස්, චන්දි කැදවයි.. මාලිංග නැත” බංගලි සංචාරයට නම් කරන ලද ශ‍්‍රී ලංකා සංචිතය මෙන්න (Photos)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2018 වසරේ සහභාගිවන පළමු තරගාවලිය ලෙස සිම්බ්බාව්වේ, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර බංග්ලාදේශයේදී පැවැත්විමට නියමිත තුන්කොන් එක්දින තරගාවලිය බවට පත්ව ඇත.

තුන්කොන් එක්දින තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ටෙස්ට් හා විස්සයි20 තරගාවලියක්ද පැවැත්වීමට නියමිතය.

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සියලු තරග ඩකාහිදී පැවැත්වෙන අතර චිතගොන් සහ ඩකා හිදි ටෙස්ට් තරග දෙකත් ශිලාත් සහ ඩකාහිදි විස්සයි20 තරග දෙකත් පැවැත්වීමට නියමිතව ඇත.

ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙක සමගින් එක් කණ්ඩායමක් තරග දෙක බැගින් ක්‍රීඩා කරන අතර ඉහළම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් දෙක අතර අවසන් මහා තරගය ජනවාරි 25 වැනිදා පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා නව පුහුණුකරු චන්දික හතුරුසිංහ පත්වීමෙන් පසුව ඔහු ශ්‍රී ලංකාව මෙහෙයවන පළමු තරගාවලිය මෙය වෙයි.බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු පුහුණුකරු වන්නේ චන්දික හතුරුසිංහයි.

ඒ අනුව ශ‍්‍රී ලංකා තේරීම් කමිටුව එම එක්දින සංචාරය සදහා 23දෙනෙකුගෙන් යුත් මුලික සංචිතයක් නමි කර ඇති අතර එම නම් කළ සංචිතය බංගලාදේශ සංචාරය සදහා පිටත්ව යන තෙක් එම ක‍්‍රීඩකයින් පළමු පෙළ තරගවලට සහභාගී කර නොගන්නා ලෙසටද නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඉල්ලා ඇති බව ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් වාර්තා වෙයි.

ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා හතුරුසිංහ කළ ඉල්ලීමට කැමැත්ත පළ කර ඇති අතර පළමු පුහුණු සැසිය දෙසැම්බර් 28වැනිදා ආරම්භක කිරීමට නියමිතව ඇත

කෙසේ වෙතත් එම නම් කළ සංචිතය සදහා ප‍්‍රබල වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ඇතුළත් කර නොමැති අතර ඉන්දීය සංචාරයෙන් ඉවත් කෙරුණු කුසල් මෙන්ඩිස් යළි කණ්ඩායමට කැදවා ඇත.

තිසර පෙරේරා, උපුල් තරංග,ධනුෂ්ක ගුණතිලක,කුසල් මෙන්ඩිස්,දිනේෂ් චන්දිමාල්,ඇන්ජලෝ මැතිව්ස්,කුසල් ජනිත්,අසේල ගුණරත්න,නිරෝෂන් දික්වැල්ල,සධීර සමරවික්‍රම,සුරංග ලක්මාල්,නුවන් ප්‍රදීප්,දසුන් ශානක,ලහිරු ගමගේ,විෂ්ව ප්‍රනාන්දු,දුෂ්මන්ත චමීර,ෂෙහාන් මධුසංක,ලහිරු කුමාර,අකිල ධනංජය,ජෙෆ්රි වැන්ඩසේ,අමිල අපෝන්සු,ලක්ෂන් සඳකැන්,චතුරංග ද සිල්වා

බංග්ලාදේශ කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර ජනවාරි 15 දා පැවැත්වීමට නියමිත එක්දින තරගයෙන් තුන්කොන් තරගාවලිය ආරම්භ වෙයි.

තුන්කොන් එක්දින තරගාවලියේ කාල සටහන..

ජනාවාරි 15 – සිම්බාබ්වේ – බංග්ලාදේශය
ජනවාරි 17 – සිම්බාබ්වේ – ශ්‍රී ලංකාව
ජනවාරි 19 – බංග්ලාදේශය – ශ්‍රී ලංකාව
ජනවාරි 21 – ශ්‍රී ලංකාව – සිම්බාබ්වේ
ජනවාරි 23 – බංග්ලාදේශය- සිම්බාබ්වේ
ජනවාරි 25 – බංග්ලාදේශය – ශ්‍රී ලංකාව
ජනවාරි 27 – අවසන් මහ තරගය

ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය..

ජනවාරි 31 – පෙබරවාරි 4 – පළමු ටෙස්ට් තරගය
පෙබරවාරි 8 – පෙබරවාරි 12 – දෙවැනි ටෙස්ට් තරගය

ශ්‍රී ලංකා බංග්ලාදේශ විස්සයි20 තරගාවලිය..

පෙබරවාරි 15 – පළමු විස්සයි20 තරගය
පෙබරවාරි 18 – දෙවැනි විස්සයි20 තරගය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top