Political

හාල්, පොල් අහස උසට – සෑම ගමකටම නොමිලේ Wi-Fi දෙන බව අගමැති කියයි

2018 වසර අවසන් වන විට සෑම ගමකටම නොමිලයේ වයි-ෆයි පහසුකම් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (5) පැවැසීය.

පසුගිය වසරේ දී මුළු රටටම නොමිලේ වයි-ෆයි පහසුකම් ලබාදීමට රජය තීරණය කර තිබුණ ද ස්වභාවික විපත් ඇතුළු විවිධ අර්බුදවලට මුහුණදීමට සිදුවූ හෙයින් ඒ අරමුණ ඉටු කර ගැනීමට නොහැකි වූ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ සෑම පාසලකම උසස් පෙළ පන්ති සඳහා ලබන අප්‍රේල් මාසය වන විට නොමිලේ ටැබ් යන්ත්‍ර ලබාදීමට හැකි වන බව කී අග්‍රාමාත්‍යවරයා පළමුවෙන්ම උසස් පෙළ පන්ති සහිත පාසල්වලට නොමිලේ වයි-ෆයි පහසුකම් ලබා දෙන බව කීය.

මුලින්ම පසල්වලට වයි-ෆයි පහසුකම් දීමෙන් පසුව එහි පවතින අඩු පාඩුකම් ආදිය ද හඳුනාගෙන මුළු රටම ආවරණය වන පරිදි 2018 වසර අවසානය වනවිට වයි-ෆයි පහසුකම් ලාබදීමට හැකි වන බව අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.

නොමි‍ලේ වයි-ෆයි ලබාදීමේ පොරොන්දුව මුලදී පොඩි ප්‍රමාදයක් සහිතව වුවද කෙසේ හෝ ඉටු කිරීමට හැකිවීම රජය ලැබු ජයග්‍රහණයක් බව ද අග්‍රාමාත්‍යවරයා කීය.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කොළොන්නාව කොටිකාවත්ත ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජය තහවුරු කිරීම සඳහා පැවැති ජනරැලියට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top