Sports

හේරත්ගේ භූමිකාවට ඇස් යොමුවෙයි (Photos)

වේග පන්දු යවන්නන් තිදෙනා වන වර්නන් ෆිලැන්ඩර්, කගීසෝ රාබඩා සහ කයිල් ඇබට් කෙතරම් හොඳින් දස්කම් අතර සිටින නමුත් පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන ශාන්ත ජෝර්ජ් උද්‍යාන කී‍්‍රඩාංගණයේ තණතීරුව ශී‍්‍ර ලංකා කණ්ඩායමට නත්තල් තෑග්ගක් වනු ඇතැයි දකුණු අපි‍්‍රකානුවෝම කියති.

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන පෝට් එළිසබෙත් නුවර, ශාන්ත ජෝජ් උද්‍යාන කී‍්‍රඩාංගණයේ තණතීරුව දකුණු අපි‍්‍රකාවේ ඇති වඩාත්ම මන්දගාමී තණතීරුව ලෙස සැලකේ. දෙපිල අතර පළමු ටෙස්ට් තරගය හෙට (26 වැනිදා) ආරම්භ වීමට නියමිතය.

දකුණු අපි‍්‍රකානුවන්ගේ ප‍්‍රබලතම වේග පන්දු යවන්නන් වන ඬේල් ස්ටේන් සහ මෝර්නි මෝකල් දෙදෙනාම ශාරීරික ආබාධ හේතුවෙන් පළමු ටෙස්ට් තරගය සඳහා සංචිතයට ඇතු-ළත්ව නැත. එබැවින් වර්නන් ෆිලැන්ඩර්, කගීසෝ රාබඩා සහ කයිල් ඇබට් තිදෙනාගෙන් ශී‍්‍ර ලංකා පිතිකරුවන් සමග ගනුදෙණුව බේරා ගැනීමට දකුණු අපි‍්‍රකානුවන්ට සිදුව තිබේ. ශී‍්‍ර ලංකා පිතිකරු ලයිස්තුවේ සිටින නවකයන්ට ආසියාවෙන් පිටත තණතීරු සම්බන්ධයෙන් වැඩි අත්දැකීම් නැතත් ශාන්ත ජෝර්ජ් කී‍්‍රඩාංගණයේ තණතීරුව සම්බන්ධයෙන් නායක ඇන්ජලෝ මැතිව්ස්, උපනායක දිනේෂ් චන්දිමාල් සහ රංගන හේරත් හොඳින් දනිති.

දකුණු අපි‍්‍රකාවේ සෙසු කී‍්‍රඩාංගණ හා සංසන්දනය කරද්දී ශාන්ත ජෝර්ජ් උද්‍යාන කී‍්‍රඩාංගණයේ තණතීරුව බෙහෙවින් මන්දගාමී එකකි. එහිදී දකුණු අපි‍්‍රකානුවන් සතුව ඇත්තේද එතරම් කයිවාරු ගැසිය හැකි වාර්තාවක් නොවේ. 1992 දී අන්තර්ජාතික කි‍්‍රකට් පිටියට නැවතත් පිවිසීමෙන් පසුව මෙම කී‍්‍රඩාංගණයේදී පැවැති ටෙස්ට් තරග 14 න් 6 ක් පමණක් ජයගත් දකුණු අපි‍්‍රකානුවෝ 4 ක් පරාජය වූහ. ඉතිරි 4 ජය පරාජයෙන් තොරව නිමා විය.

එවන් තත්ත්වයක් තිබියදීත් ශී‍්‍ර ලංකා තේරීම් කමිටුවේ අදහස නම් වේග පන්දු යවන්නන් තිදෙනකු සමග තරගයට යා යුතු බවයි. ශී‍්‍ර ලංකා තේරීම් කමිටු නිලධාරියකුගෙන් අද (25 වැනිදා) කළ විමසීමකදී ඔහු කියා සිටියේ ද`ග පන්දු යවන්නන් දෙදෙනකු කී‍්‍රඩා කළහොත් වේග පන්දු යවන්නන් තිදෙනාත් සමගින් පන්දු යවන්නන් 5 දෙනකු යොදා ගැනීමට සිදුවන හෙයින් කණ්ඩායමට පිතිකරුවන් ප‍්‍රමාණවත් නොවන බවයි.

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාවේ අංක 1 දග පන්දු යවන්නා වන රංගන හේරත් වඩාත් සුබවාදී ලෙස මෙම තත්ත්වය විග‍්‍රහ කරයි. ”පිතිකරුවා කොයිතරම් ආක‍්‍රමණශීලියෙක් වුණත් කමක් නෑ, ටෙස්්ට් තරගයකදී ඒ දේ දිගින් දිගටම කරගෙන යන්න ඔහුට අසීරුයි. ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේදී පන්දු යවන්නකුට ලැබෙන අවස්ථා වැඩියි. මෙතැනදී (ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේදී)පන්දු යවන්නකුට කඩුලූ දවාගැනීමේ වැඩි ඉඩක් ලැබෙනවා” යයි කී රංගන හේරත්…..

”මේ වගේ වෙලාවකදි පන්දු යවන්නා ටිකක් බුද්ධිමත් වෙන්නත් ඕනෑ. එකිනෙකට වෙනස් පන්දු කිහිපයක් යැවීම ඉතාමත් වැදගත්”

”පන්දුව පතිත කරන රේඛාව වගේම දුර ප‍්‍රමාණය වෙනස් කිරීමත්, පන්දු යවන්නාගේ සීමාව භාවිතා කිරීම වගේම පන්දුව නිදහස් කරන කෝණයත් ඉතාමත් වැදගත්. මේ සියලූ දේ කරන්නේ පිතිකරුවාගේ මනසට අභියෝග කරන්නයි. වඩාත් වැදගත් වෙන්නේ තණතීරුවේ ස්වභාවය තමන්ට හරියන තුරු ඉවසීමෙන් සිටීමයි” යයිද රංගන හේරත් පෝට් එළිසබෙත් නුවරදී පැවසීය.

මේ වන විට ටෙස්ට් කඩුලූ 351 ක හිමිකරුවකු වන රංගන හේරත් වසර ගණනාවක් තිස්සේ, විශේෂයෙන්ම මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගෙන යාමෙන් පසුව, කළේ පිතිකරුවන්ගේ මනසට අභියෝග කරමින් ඔවුන් මුළා කිරීමයි. ඒ සඳහා ඔහු පන්දුවේ වේගය මෙන්ම පන්දුව පිතිකරුවා වෙත යොමුකරන කෝණයද මනා ලෙස ප‍්‍රයෝජනයට ගත්තේය.

රංගන හේරත් 1999 දී ඕස්ටේ‍්‍රලියානුවන්ට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ නමුත් 2010 ජූලි මාසය දක්වා ඔහුට දවාගත හැකිවූයේ කඩුලූ 70 ක් පමණි. එහෙත් මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගෙන යාමෙන් පසුව ශී‍්‍ර ලංකා පන්දුයැවීමේ බලඇණියේ නිහඬ වීරයා වූ හේරත් වසර හය හමාරක් ඇතුළතදී ටෙස්ට් කඩුලූ 281 ක් දවාගෙන තිබේ.

එබැවින් ශී‍්‍ර ලංකාවට හිමිවූ නත්තල් තෑග්ගක් වන් තණතීරුවේදී රංගන හේරත්ගේ භූමිකාව දෙස නෙත් යොමුවී තිබේ. ඊට ප‍්‍රධාන හේතුවක් වන්නේ ශී‍්‍ර ලංකා පිල දකුණු අපි‍්‍රකානුවන් දකුණු අපි‍්‍රකාවේදීම පරාජය කළ එකම ටෙස්ට් තරගයේදී (2011 – ඩර්බන්) කඩුලූ 9 ක් දවාගත් මෙම වමත් දග පන්දු යවන්නා තරගයේ වීරයා සම්මානයද කිහිලි ගන්නාගෙන ගිය බැවිනි.

කෙසේ වෙතත් ශාන්ත ජෝජ් උද්‍යාන කී‍්‍රඩාංගණය පිළිබඳව මෙන්ම දකුණු අපි‍්‍රකාවේ නවකයන් සම්බන්ධයෙන්ද දකුණු අපි‍්‍රකානු පුහුණුකරු රසල් ඩොමින්ගෝ මහතා සුබවාදී අදහස් දරයි.

”ඉතිහාසය පුරාම මේ කී‍්‍රඩාංගණය කවදාවත් වේගවත් තණතීරුවක් වෙලා නෑ. මේ කී‍්‍රඩාංගණයේ තිබෙන විශේෂත්වය තමයි ඉවසීමෙන් සැනසීම. ඒ සඳහා ඉතා ආයාසයෙන් ලකුණු ලබාගත යුතු වෙනවා”

”මේ (වත්මන් දකුණු අපි‍්‍රකානු) කණ්ඩායමේ තියෙන විශේෂත්වයත් ඒකම තමා. අපේ හාදයන්ට තියෙන ඉවසීමත්, අසීරු අවස්ථාවලදී පෙන්වන තැන්පත්කමත් ඔවුන්ගේ ශක්තිය වෙලා තියෙනවා” යයි ඩොමින්ගෝ මහතා පසුගිය සතිය අවසානයේදී පැවසීය.

”(ආරම්භක පිතිකරු) ස්ටීවන් කුක්ට ටෙස්ට් තරග 6 කදී ශතක දෙකක් තියෙනවා. කගීසෝ රබාඩා (වේග පන්දු යවන්නා* වගේම ටෙම්බා බවුමාත් (මැද පෙළ පිතිකරු) අපට ටෙස්ට් තරග දිනවලා දීලා තියෙනවා”

”මේ වගේ තරුණ කී‍්‍රඩකයන් දස්කම් දක්වන කොට ඔවුන්ට තිබෙන පීඩනය ළිහිල් වෙනවා. ඒ නිසා ඔවුන්ගේ මනස නිදහස් වීමත් සමගම ඔවුන්ගෙන් තව තවත් දස්කම් දැක බලාගන්න පුළුවන්” යයිද දකුණු අපි‍්‍රකානු පුහුණුකරුවා වැඩිදුරටත් පැවසීය.

එංගලන්ත පිල සහ ඉන්දියාව හමුවේ ලද පරාජයත්, ප‍්‍රසාද ලකුණු යාවත්කාලීන කිරීමත් නිසා අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් සටහනේ 7 වැනි ස්ථානය දක්වා ඇද වැටුණු දකුණු අපි‍්‍රකානු පිල ෆෆ් ඩු ප්ලෙසිගේ නායකත්වය යටතේ ඕස්ටේ‍්‍රලියාව පරාජය කරමින් 4 වැනි ස්ථානය දක්වා ඉහළ නැග සිටී. දකුණු අපි‍්‍රකානුවන්ගේ උත්සාහය නැතිවූ අංක 1 යළි අත්පත් කරගැනීමයි.

වැළමිටේ ආබාධය තවමත් සුවවී නැති බැවින් ඒ. බි. ඩිවිලියර්ස්ට ටෙස්ට් තරගාවලිය අහිමි වීම ශී‍්‍ර ලංකා කණ්ඩායමට නම් සතුට දනවන ආරංචියකි. එහෙත් අම්ලාගේ ලකුණු අහේනිය පිළිබඳව දකුණු අපි‍්‍රකානු පිලේ පිතිහරඹ පුහුණුකරු නීල් මැකෙන්සි මහතා කියන්නේ අම්ලාගේ විශාල ඉනිමක් අත ළග බවයි. ඕස්ටේ‍්‍රලියාවේදී ඉනිම 6 කදීම අසාර්ථක වූ අම්ලාට එහිදී ලබාගත හැකිවූයේ එකම අර්ධ ශතකයක් පමණි.

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ වුවද ආත්ම විශ්වාසයෙන් සන්නද්ධව සිටිති. අවසන් වරට පැවැති ටෙස්ට් තරග 5 ම ජයගත් ශී‍්‍ර ලංකා පිලේ විශාලතම මතකය වන්නේ ඕස්ටේ‍්‍රලියානුවන් 3-0 කින් පරාජය කිරීමයි.

ශී‍්‍ර ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, ධනංජය ද සිල්වා, උපුල් තරංග, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, ළහිරු කුමාර, නුවන් ප‍්‍රදීප්, දුෂ්මන්ත චමීර, සුරංග ලක්මාල් සහ විකුම් සංජය

දකුණු අපි‍්‍රකානු කණ්ඩායම
ෆෆ් ඩු ප්ලෙසි (නායක), ස්ටීවන් කුක්, ඞීන් එල්ගා, හසිම් අම්ලා, ජේ. පී. ඩූමිනි, ටෙම්බා බවුමා, ක්වින්ටින් ඩි කොක්, වර්නන් පිලැන්ඩර්, කේශව් මහාරාජ්, කයිල් ඇබට් සහ කගීසෝ රබාඩා.

විනිසුරුවරු
අලීම් දාර් (පාකිස්තානය) සහ බෲස් ඔක්සන්ෆර්ඞ් (ඕස්ටේ‍්‍රලියාව)

තරග තීරක
ඩෙවිඞ් බූන් ( ඕස්ටේ‍්‍රලියාව)

උපුටා ගැනීම : www.sinhala.wisdensrilanka.lk

South Africa’s captain Hashim Amla drinks water during play on the third day of the third Test cricket match between India and South Africa at the Vidarbha Cricket Association Stadium in Nagpur on November 27, 2015. AFP PHOTO / Indranil Mukherjee
—- IMAGE RESTRICTED TO EDITORIAL USE – STRICTLY NO COMMERCIAL USE —-

Sri Lanka’s Rangana Herath bowling during play on the second day of the third Test cricket match between England and Sri Lanka at Lord’s cricket ground in London on June 10, 2016. / AFP PHOTO / IAN KINGTON / RESTRICTED TO EDITORIAL USE. NO ASSOCIATION WITH DIRECT COMPETITOR OF SPONSOR, PARTNER, OR SUPPLIER OF THE ECB

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top