Local

” ‌පුරාණ සළකුණු කෙටු ගල් තලාව බිඳ නිධන් ගොඩ ගෙන – නිධාණයෙන් හමුවූ විශාල නිල් මැණික ග්‍රෑම් 300ක් බරයි ” නවගත්තේගම නිධන් හොරුන් ඇල්ලූ මෙහෙයුම .!

නිධානයක් ගොඩ ගෙන එහි තිබූ ග්‍රෑම් 300ක් පමණ බරැති විශාල නිල් මැණිකක් ලබා ගත් පුද්ගලයන් පිරිසක් පිළිබදව වාර්තා වෙනවා.

මෙම නිධානය ගල් තලාවක තිබූ කුඩා විලක් සහිත ස්ථානයක තිබී ගොඩ ගෙන ඇති බව සදහන්.

නවගත්තේගම මහායාය රක්ෂිතයේ ගල් තලාවකින් මෙලෙස මෙම නිල් මැණික ගොඩගෙන තිබේ. එහි වටිනාකම මෙතෙක් තක්සේරු කර නැති බවත්, එහි ප්‍රමාණය සාමාන්‍යයෙන් කිකිළි බිත්තරයක ප්‍රමාණයට සමාන බවත් පොලිසිය සඳහන් කරයි.

මැණික් ගල තිබූ ස්ථානයේ තිබී නෙලුම් මලක හැඩයක් සහිත කවාකාර ශෛලමය කොටසක්ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර මැණික් ගල තිබූ ස්ථානය එම ශෛලමය කොටසින් ආවරණ කර තිබූ බවද පොලිසිය පවසනවා.

අදාළ මැණික් ගල තිබූ ස්ථානය අඟල් 4ක් පමණ ගැඹුරැති අඟල් 8ක් පමණ විශ්කම්භයක් සහිත ස්ථානයක් බවද, සැකකරුවන් අදාළ මැණික්ගල ගොඩගන්නවාත් සමඟම පොලිසිය විසින් රැකවල්ලා සිට අල්ලාගෙන ඇති බවද පොලිසිය වැඩි දුරටත් පවසා සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top