Political

2008 ඉඳන් මහ බැංකුවෙන් හොරකම් කළ අයට සමාවක් දෙන්නේ නෑමයි – ජනපති මෛත්‍රී

පසුගිය ආණ්ඩුවේ සොරුන්ටයි මේ ආණ්ඩුවේ සොරුන්ටයි කිසිම සමාවක් නැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අද වව්නියාවේදී කියා සිටියේය.

තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ පවසා සිටියේය. ‘‘මම ජනාධිපති වෙන්න පෙර කොයි තරම් අතුරුදහන් වීම් සිදු වුණාද? උතුරේ විතරක් නොවෙයි දකුණේත් යුද්දෙන් පස්සේත් අතුරුදහම් වීම් සිදුවුණා. සුදු වෑන් වලින් ඇවිත් මිනිස්සුන්ව අරන් ගියා, මාධ්‍ය ආයතන ගිනි තිබ්බද, මම ජනාධිපතිවෙලා අවුරුදු තුනක් වෙනවා. කිසිම අතුරුදහන්වීමක් සිදුවෙලා නෑ.

මහබැංකුවේ සල්ලි හොරකම් කරලා තියෙන්නේ 2008 සිට 2016 වෙනකම් කියලා විනිශ්චකාරතුමා කොමිෂමේ නිර්දේශ කරල තියනවා. ඒ නිසා ගිය ආණ්ඩුවේ හොරුන්ටයි මේ ආණ්ඩුවේ හොරුන්ටයි මගෙන් කිසිම සමාවක් නැහැ. පසුගියදා මිහින් ලංකා එකේ සිදුවුණු කෝටි ගාණක මහපරිමාණ මුදල් වංචාව හොයන්නත් මම ජනාධිපති කොමිෂමක් පත් කරල තියෙන්නේ.

මෙවර පැවත්වෙන පලාත් පාලන මැතිවරණය ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය වූ ජන හමු දෙකක් අද උතුරේදී පැවත්වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top