Political

2017දී ආණ්ඩුව පෙරළන්න බෑ

2017 වසරේදී ආණ්ඩුව පෙරළා බලය අත්පත් කර ගන්නා බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසුවත් 2017 වසරේදී රජය තවත් ශක්තිමත් වන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා “ඉරිදා මව්බිම”ට පැවැසීය.

මහින්ද මහත්තයා 2015 වසරේදී ඔහුගේ බලය පෙරළුණාමත් කිව්වා ආණ්ඩුව පෙරළනවා කියලා. 2016 වසර පටන් ගන්න කොටත් කිව්වා 2016දී ආණ්ඩුව පෙරළනවා කියලා. දැන් ඉතින් කියනවා 2017දී ආණ්ඩුව පෙරළනවා කියලා. 2020 වෙනකල්ම ඉතින් මහින්ද මහත්තයා ඔය කතාව කිය කියා ඉඳීවි” යැයිද අමාත්‍යවරයා සඳහන් කෙළේය.

මහින්ද රාජපක්‍ෂ මහතා මෙවැනි කතා පවසන්නේ ඔහු සමඟ සිටින අය සැනසීමට බවත් 2020න් පසුවද නව ආණ්ඩුව නැවත බලයට පත්වන බවත් රාජිත සේනාරත්න මහතා පැවැසීය.

විදේශ ජනමාධ්‍යවේදීන් සමඟ සිය නිල නිවෙසේ ඉකුත් 29 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පවසා තිබිණි.

චාමර අමරසූරිය – www.ada.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top