World

21st Century Fox සමාගම, ඩොලර් කෝටි 5240 Walt Disney සමාගම විසින් මිලට ගනී (Photos)

21st Century Fox සමාගමේ විනෝදාස්වාද ක්ෂේත්‍රයට අයත් වත්කම්, ඩොලර් කෝටි 5240 (බිලියන 52.4) ක මුදලකට මිලට ගැනීම සඳහා Walt Disney සමාගම එකඟ වී තිබෙනවා.

චන්ද්‍රිකා විකාශන සමාගමක් වන ස්කයි (Sky) ආයතනය තුළ ඇති ෆොක්ස් සමාගමේ 39% කොටස් මෙන්ම ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් (20th Century Fox ) චිත්‍රාගාරය ද ඊට ඇතුළත් බව ඩිස්නි සමාගම නිවේදනය කළා.

ෆොක්ස් නිව්ස් (Fox News) සහ ෆොස්ක් ස්පෝර්ට්ස් (Fox Sports) ඇතුළු ෆොක්ස් සමාගම අත ඉතිරිවන වත්කම්, නව සමාගමක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

අසු හය වෙනි වියේ පසුවන ෆෝකස් සමාගමේ හිමිකරු රූපට් මර්ඩොක්ගේ අඩ සියවසකට වැඩි මාධ්‍ය ජාල ව්‍යාප්තියේ අවසානය ඉහත කී ගිවිසුම මගින් සනිටුහන් කෙරෙනවා.

21 වෙනි වියේදී තම පිය උරුමයෙන් ලැබුණු එක් ඕස්ට්‍රේලියානු පුවත් පත් ආයතනයක් ලොව විශාලතම පුවත් සහ චිත්‍රපට අධිරාජ්‍යයක් බවට පත් කිරීමට මර්ඩොක් සමත් විය.

2013 වසරේ දී ටුවෙන්ටි ෆස්ට් සෙන්චරි ෆොක්ස් සමාගමෙන් වෙන් වූ ටයිම්ස් (Times ) සහ සන් (Sun) පුවත්පත් අයත් පුවත් ප්‍රකාශන ජාලයක් වන නිව්ස් කොර්ප් (News Corp) ආයතනයේ පාලනය තවදුරටත් රූපට් මර්ඩොක් යටතේ පවතිනු ඇති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top