Business

Facebook හි වඩාත්ම ,”like”, ලද ලාංකීය රාජ්‍ය බැංකුව බවට ලංකා බැංකුව පත්වෙයි

ඩිජිටල් ලෝකය සමග අනුගතව ලංකා බැංකුව එහි Facebook පිටුවෙහි likes 100000 ක ප්‍රමාණය ඉක්‌මවා යමින් Facebook මත වැඩිම කැමැත්ත දිනූ රාජ්‍ය බැංකුව බවට පත්ව ඇත. බැංකුවෙහි දැනට ක්‍රියාත්මක වන ඩිජිටල් පරිවර්තනයෙහි අංශයක්‌ ලෙස බැංකුව සමාජ මාධ්‍යයන් හා සම්බන්ධ වෙමින් 2015 දෙසැම්බර් හිදී සිය Facebook පිටුව විවෘත කළේය. එමෙන්ම එය Linkedin,Twitter සහ You Tube වැනි සමාජ මාධ්‍ය ජාල හරහා තවදුරටත් ව්‍යාප්ත වෙමින් ප්‍රජාව සමග විශේෂයෙන්ම නූතන “ශ” පරම්පරාව සමග සහ ඉන් ඔබ්බට සිය ඩිජිටල් පරිවර්තනය ඒත්තු ගන්වමින් බැංකුව සිය ප්‍රවේශය තවදුරටත් ව්‍යාප්ත කළේය. එක්‌ එක්‌ සමාජ මාධ්‍ය ජාලයන්හි ඉදිරිපත් කරන්නාවූ විවිධ ශෛලීන් හඳුනාගනිමින් බැංකුව ආකර්ෂණිය ප්‍රවර්ධන වැඩසටහන්, නව වැඩසටහන් දියත් කිරීමේ තොරතුරු හුවමාරු කර ගැනීම්, නවතම මූල්‍ය ප්‍රවෘත්ති සහ තොරතුරු සපයන වීඩියෝ දර්ශන ඉදිරිපත් කිරීම් ආදිය සිදු කරයි.

Facebook මත බැංකුවෙහි “ස්‌මාර්ට්‌ජෙන්” දියත් කිරීමත් සමග බැංකුව ජයග්‍රාහකයන්ට පෙන් ඩ්‍රයිව්, හෙඩ් සෙට්‌, පවර් බෑන්ක්‌ වැනි ඉලෙක්‌ට්‍රොනික මෙවලම් බෙදා දුන් Facebook ප්‍රවර්ධන වැඩසටහන දියත් කළේය. ඉන් අනතුරුව ලංකා බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දියත් කළ Facebook
වැඩසටහන් තුළින් තෝරාගත් ජයග්‍රාහකයන්ට “ස්‌ට්‍රොaං ඇන්ඩ් ස්‌ටි්‍රන්ග්ස්‌” සුවිශේෂී නිෂ්පාදන එකතුව වෙතින් ලබාගත් ත්‍යාග පහක්‌ සහ සැනසිලි ත්‍යාග 50 ක්‌ පිරිනමන ලදි. බැංකුවෙහි නවතම නිෂ්පාදන පිළිබඳව මෙන්ම නවතම සේවාවන් පිළිබඳව තොරතුරු යාවත්කාලීන කරන අතරම ලංකා බැංකුව සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් Fඊ සම්බන්ධ කර ගනිමින් ක්‍රීඩා පැවැත්වූ අතර ඉන් අනතුරුව චිත්‍රපට ලෝලීන්ගේ අවධානය දිනා ගනිමින් නොමිලේ චිත්‍රපට ප්‍රවේශ පත් නිකුත් කළ “මූවී මැරතන්” ප්‍රවර්ධන වැඩසටහනද දියත් කළේය.

ශ්‍රී ලංකාව තුළ අනෙකුත් සමාජ මාධ්‍ය ජාල අතර වඩාත්ම ජනප්‍රිය වී ඇත්තේ Facebook බව ප්‍රචලිත කරුණකි. එසේම සමාජ මාධ්‍ය වේදිකාවෙහි සිය ගනුදෙනුකරුවන් සමග සන්නිවේදනය සඳහා බැංකුව උපයෝගී කර ගන්නා මෙවලම වඩාත් අන්තර් ක්‍රියාකාරිත්වයක්‌ ඇති ලංකා බැංකු Facebook ගිණුමය. ලංකා බැංකු Linkedin සහ Twitter ගිණුම් මූල්‍ය ප්‍රවණතා පිළිබඳව තම දැනුම යාවත්කාලීන කර ගැනීමට කැමති වෘත්තිකයන්ට වඩාත් අදාළ මූල්‍ය තොරතුරු බෙදා හදා ගනියි.

බැංකුව තුළ සිදු වන ඩිජිටල් පරිවර්තනය පිළිබඳව අත්දැකීම පොදු ජනතාව/ප්‍රජාව සමග බෙදා හදා ගැනීමේ අරමුණින් ලංකා බැංකුව මෙම වසරේ ජනවාරි මාසයේදී පුවත්පත් මගින් “Augmented Reality Advertisement” වැඩසටහන දියත් කළේය. මෙහිදී පාඨකයන්ට තම Smart Phone හරහා පුවත්පත් දැන්වීමෙහි ඇති “QR Code”එල්ල කර lr Scan කිරීම තුළින් තම Smart ජංගම දුරකතනය හරහා Animated Video දර්ශනයන් නැරඹීමට සලස්‌වන ලදි. ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය දැන් ශාඛා නවීකරණ අදියරට ළඟාවී ඇති අතර ඒ මගින් පැය 24Ü7 ක්‍රියාත්මක මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර, ස්‌වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර, අන්තර්ජාල බැංකුකරණ පහසුකම් ආදියෙන් සමන්විත ස්‌වයං සේවා වලින් හෙබි ඩිජිටල් වශයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාවෙන් යුත් ඇති “SmartZone” කලාප සහිත බැංකු ශාඛා රැසකින් යුක්‌තය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top