Local

ජනපතිගේ වැයමෙන් GSP+ තීරුබදු සහනය ශ්‍රී ලංකාවට හිමිවෙයි

වසර හතක කාලයක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ GSP+ ඇඟලුම් බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබා දීමට යුරෝපා කොමිසම තීරණය කොට තිබෙනවා.
රජයේ ශක්තිමත් විදේශ සබඳතාවයන් සහ ප්‍රතිපත්ති මත ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය ලැබීමත් සමඟ නිර්මාණය වූ බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ.

පැවැති රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට අනුව මානව හිමිකම් කෙරෙහි අවධානය යොමු නොකිරීම හේතුවෙන් 2009 වසරේ සිට යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකාවට අහිමි වුණා.

ශ්‍රී ලංකාවේ අපනයන වලින් සියයට 30කට ආසන්න ප්‍රතිශතයක් අපනයනය කරන්නේ යුරෝපා වෙළඳ පොලටයි.

යුරෝපා සංගම් ඇගලුම් වෙළඳ පොළ ශ්‍රී ලංකාවේ ප්‍රධානම ඇගලුම් වෙළඳ පොලයි, GSP+ සහනය යටතේ අපනයන භාණ්ඩ 7500කට බදු ආවරණ හිමි වනු ඇත.

මේ නිසා ඇමරිකා වෙළඳ පොළට සහ යුරෝපා කලාපයේ රටවල් 26කට භාණ්ඩ අපනයනය කිරීමේදී තීරු බදු වලින් තොරව වෙළඳ පොලට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකි හැකි වනු ඇත.මිට සතියකට පෙර ජනාධිපතිතුමා ප්‍රකාශ කල පරිදි මෙම සතිය තුල GSP+ සහනය ලබාගැනීමට රජයට හැකියාව ඒ අනුව ලැබී තිබෙනවා.

මිට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යුරෝපයේ කල සංචාරවල ප්‍රතිපලයක් ලෙස මෙම සහනය ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකි වී ඇති අතර ජනාධිපතිතුමා G7 සමුළුවට සහභාගී වීම නිසා මෙම සහනය ශ්‍රී ලංකාවට හිමි වීමට බලපෑමට ප්‍රධාන හේතුව බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top